Connect with us

පුවත්

සංවිධානයකින් ජනපති අපේක්‍ෂකයන්ට යෝජනා මාලාවක්

Published

on

උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාවට අත්විඳීමට සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක් භාර දීමට “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව” තීරණය කර තිබේ.

යුද්ධය නිමාවී වසර 15 කට ආසන්න කාලයක් ගතව ඇතත්, පවතින ගැටළු හේතුවෙන් උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාව දැඩි ලෙස අසරණව සිටින බව එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ. කේ. සුනිල් කුමාර මහතා සඳහන් කළේය.

උතුරු පළාතේ සිංහල ජනතාවගේ උපත්, මරණ සහ විවාහ සහතික දමිළ භාෂාවෙන් නිකුත් කිරීම, මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සඳහා පොදු සුසාන භූමියක් නොතිබීම, (මන්නාරම), 2015 ක්‍රියාත්මක කරන ලද සීමා නීර්ණ වෙන් කිරීම යන ගැටළු පිළිබඳ එමඟින් අවධානය යොමු කර ඇත.

එමෙන්ම උතුරු නැඟෙනහිර සිංහල මාධ්‍ය පාසල්වල ගුරු හිඟයට ගුරු සහයකයන් බඳවා ගැනීම, උතුරු පළාතේ සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සිංහල ජනතාවගේ සේවා පහසුකම් වෙනුවෙන් සිංහල නිලධාරීන් අනුයුක්ත කිරීම, මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය සම්පත් නුවර ජාතික පාසලට උසස් පෙළ සඳහා විද්‍යා හා ගණිත විෂයයන් ලබා නොදීම හා ගුරු පුරප්පාඩු පැවතීම, මන්නාරම් දිස්ත්‍රික්කයේ රාජ්‍ය පරිපාලනයට බිෂොප්වරුන් හා පූජකවරුන් දැඩි බලපෑම් සහ අතපෙවීම යන ගැටළුව ඊට ඇතුළත්ය.

ඒ අනුව මෙම සියළු ගැටළුවලට ජනාධිපති අපේක්ෂකයන්ගෙන් විසඳුම් බලාපොරොත්තුවීම සිය අපේක්ෂාව වන බවයි ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවේ’ මාධ්‍ය ප්‍රකාශක කේ. කේ. සුනිල් කුමාර මහතා පැවසීය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved