Connect with us

පුවත්

වව්නියාවේ පාස්පෝට් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

Published

on

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ සිටින ජනතාව පැවසුවේ, ඇතැමෙක් දින තුන හතරකට වැඩි කාලයක් පෝලීම්වල රැඳී සිටින අතර, දිනකට විදෙස් ගමන් බලපත්‍ර 25ක් පමණක් ලබාදෙන බවය.

ඒ හේතුවෙන්, අදාළ විදෙස් ගමන් බලපත්‍ර සඳහා ටෝකන් ලබාගැනීමට ජනතාවට දින ගණනක් පෝලීම්වල සිටීමට සිදුව ඇති අතර, ලබාදෙන අංක තැරැව්කරුවන් විසින් ජාවාරම් කිරීමේ තත්ත්වයක්ද උදාවී ඇති බවයි.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට වව්නියාව පොලීසිය යෙදවීමටද සිදුව ඇති අතර, ඊයේ (28) අදාළ ස්ථානයේ ගැටුමක් ද ඇති වී තිබුණි.

එම තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බවද වර්තා වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය හරහා දිනකට ලබාදෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය 75ක් දක්වා හෝ වැඩි කිරීමට පියවර ගත යුතු බවත්, ජනතාවට එම ස්ථානයට පැමිණ සිටීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවටත් ජනතාව ඉල්ලා සිටී.

උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත හා වයඹ පළාතේ බොහෝ පිරිසක් විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

පුවත්

ගම්පහ දුම්රියක් පීලි පනී

Published

on

By


ගම්පහ දුම්රිය ස්ථානය ආසන්⁣නයේදී අද (23) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබේ.

ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ අංක 1169 දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය එක් මාර්ගයකින් පමණක් ගමන්කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින එන්න එපා – පොලීසියෙන් ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.

පොලිස් මුලස්ථානය දැනුම්දෙන්නේ ඒ අනුව මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවය.

හෙට (24) දින සහ අනිද්දා (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් සැදැහැවතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් සැදැහැවතුන් පැමිණයහොත් ඔවුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසයි.

ඒ නිසා ඉදිරි දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා පොලීසිය සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

අද (23) පස්වරු 5:30ට සිරි දළදා වන්දනාව 6වන දිනට අවසන් කෙරුණි.

ඒ අනුව අද දිනයේදී සැදැහැවතුන් 82,500 දෙනෙකු සිරි දළදා වන්දනාවට එක්වූ බව සඳහන් ය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනා කමිටුවෙන් නව තීරණයක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළයෑමත් සමග යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.

අද (23) පෙරවරුවේ රැස්වූ සිරි දළදා වන්දනා කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

අද දහවල් වන විට 250,000කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට පැමිණ ඇති අතර ඉදිරි දිනවල මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින් යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.

මීට අමතරව සැදැහැවතුන් සඳහා සැපයෙන පහසුකම් සම්බන්ධයෙන් ද සිරි දළදා වන්දනා කමිටුවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved