Connect with us

පුවත්

කතරගම පඬුරුවලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටුවක්

Published

on

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරුණු ළමා වාට්ටු සංකීර්ණය හෙට (03) උදෑසන විවෘත කිරීමට නියමිතය.

රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වැය කර ඉදි කර තිබෙන මෙම වාට්ටු සංකීර්ණය මහල් 4කින් යුක්තය.

මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම්, රෝගී දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර තිබේ.

එසේම රෝගී දරුවන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පරිදි ඔවුන්ගේ මව්වරුන්ට පිළියෙළ කර දියහැකි විශේෂ මුළුතැන්ගෙයක් ද මෙහි ඉදිකර ඇති අතර නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර ඇති බව සඳහන්ය.

එමෙන්ම දරුවන් සිව් දෙනකුට එකවර ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකර්ම සිදුකළ හැකි පරිදි ඊට අවශ්‍ය ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා තිබේ.

මෙම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් පිරිසකගේම අතින් මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.

මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.

රුහුණු කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ බැතිමතුන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයට පුද කළ මුදලින් සිදුකළ හැකිවූ ලොකුම පින්කම මෙය බවය.

කතරගම දේවාලය මගින් මෑත ඉතිහාසයේ බැතිමතුන්ගේ පඬුරු ආධාර මුදල් උපයෝගී කොටගෙන සිදු කළ විශේෂ සමාජ සත්කාරය මෙය වන අතර කිසිදු දේශපාලඥයෙකුගේ සහභාගිත්වයෙන් තොරව විවෘත කරනු ලබන මෙම ව්‍යපෘතියේ ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාදී තිබේ.

පුවත්

Online ටිකට් වංචාව ගැන CIDයෙන් අධිකරණයට දැනුම්දීමක්

Published

on

By

දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බව සඳහන් කළේය.

මෙම ක්‍රියාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 18 වන දා කැඳවන ලෙසත් එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින සැකකරුවන් සිව්දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඉන්දීය අගමැති මෝදි වෙත ජනපතිගෙන් X සටහනක්, හිටපු ජනපති රනිල්ගෙන් ලිපියක්

Published

on

By

ඉන්දියාවේ පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.

ප්‍රහාරය හෙළාදකිමින් හා විපතට පත්වුවන්ට ශෝකය පළ කරමින් ජනාධීපතිවරයා සිය X ගිණුමෙහි සටහනක් තබා තිබේ.

එම සටහන,

මේ අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කාශ්මීරයේ පහල්ගම්හි සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදුවූ වෙඩි තැබිමේ සිදුවීම තමන් විසින් දැඩිව හෙලා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

විපතට පත් සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පලකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පැතීම ද හිටපු ජනපතිවරයා තම ලිපියේ සඳහන් කර ඇත.

එම ලිපිය,

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වසරක් පාසා දළදා වන්දනාවක්!

Published

on

By

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසයි.

අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved