Connect with us

පුවත්

රාජ්‍ය සේවකයින් බුද්ධිමත්ව ඡන්දය භාවිත කළ යුතුයි

Published

on

එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන්ට හිමිවීමට නියමිත වැටුප් වැඩිවීම් අහිමිවී යාමේ පැහැදිලි අවදානමක් පවතින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ, මල් පාරේ පිහිටි ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේය.

2022 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා අවස්ථාවේ තමන් රට ගොඩනංවන බවත්, ඒ වෙනුවෙන් ටික කලක් ඉවසීමෙන් සහාය දෙන ලෙසත් සිදුකළ ප්‍රකාශය අද වන විට ක්‍රියාවෙන් පෙන්නුම් කර ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

පසුගිය වසර දෙකේ ජනාධිපතිවරයා ගෙන ගිය ආර්ථක වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කලේය.

“ලබන 04, 05 සහ 06 දිනවල මෙවර ජනාධිපතිවරණයේ පළමු වන අදියර වන රාජ්‍ය සේවකයන් සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වනවා.. රාජ්‍ය සේවයේ ලක්‍ෂ 14කට අධික පිරිසක් සිටිනවා.. එයින් ලක්ෂ 7කට අධික පිරිසක් මෙවර තැපැල් ඡන්දය භාවිත කරනවා.. පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී ඓතිහාසික තීන්දුවක් ගත්තා.. ඒ මූලික වැටුප දෙගුණ කරමින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව.. මෙතරම් විශාල ලෙස වැටුප් වැඩි කිරීමක් ඉතිහාසය කවරදාකවත් සිදු වුණේ නැති බව සඳහන් කළ යුතුයි.. කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ආර්ථිකයේ විශ්වකර්ම දෙයක් බව අමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවා ප්‍රකාශ කර තියෙනවා.. ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීත් එතුමා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති පරිවර්තනය අසාමාන්‍ය බව ප්‍රකාශ කළා.. විදේශීය නායකයන් අද ශ්‍රී ලංකාව කෙටිකාලීනව අත්කර ගත් ප්‍රගතිය ගැන මවිත වෙනවා.. ඒ නිසා රටේ සමස්ත රාජ්‍ය සේවකයන් මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා.. වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් දැනට අනුමත කර තිබෙන රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් මුළුමනින්ම අහිමි වී යනවා.. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ යුතුයි..”

පුවත්

නෙවිල් සිල්වාට ඇප (UPDATE)

Published

on

By

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබාදී ඇත.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව නෙවිල් සිල්වා මහතා අද (24) අධිකරණයට භාරවිය.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

නෙවිල් සිල්වා එම නඩුවේ 9වන සැකකරුය.


(පෙර පුවත 2025 අප්‍රේල් 24 ප.ව.3.59 )

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published

on

By

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ  2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved