Connect with us

පුවත්

ටියුෂන් මාස්ටර්ලාට බදු ගහන්න ඇප්එකක්

Published

on

සිසුන් සියයට වැඩි මහා පරිමාණ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු පෞද්ගලික සේවා සපයන ආයතනවල සහ විවිධ වෘත්තිකයන්ගේ සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ජංගම යෙදවුමක් (Mobile App) සකස් කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

දෙපාර්තමේන්තුව මෙම ජංගම යෙදවුම සකස් කරන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශය මතය.

සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන, පෞද්ගලික රෝහල්, නීති ආයතන, මිනින්දෝරුවන්, ඉංජිනේරුවරුන් මෙන්ම දැන්වීම් විකාශය කිරීමෙන් රූපවාහිනී සහ ගුවන්විදුලි සේවාවන් ලබන සැබෑ ආදායම සොයා ගැනීම මෙහි අරමුණ වෙයි.

වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරුන්, බැංකුකරුවන්, වාස්තු විද්‍යාඥයන්, නීතිඥවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලියාපදිංචි කර ඇති තැනැත්තන් සඳහා ද මෙම ජංගම යෙදවුම අදාළ වෙයි.

එමෙන්ම ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ අත් ට්‍රැක්ටර් හැර වෙනත් වාහන හිමිකරුවන්, 2018 වසරේ අප්‍රේල් මස පළමු වැනිදාට පසු ඕනෑම නිශ්චල දේපළක් මිලදී ගත් හෝ පැවරුම් ඔප්පුවක් යටතේ අත්පත් කර ගත් තැනැත්තන්, ඕනෑම සේවක අර්ථ සාධක අරමුදලක් සඳහා සේවා දායකයාගේ සහ සේවායෝජකයා යන දෙපාර්ශවයේ ම මාසික දායකත්වයෙහි එකතුව රුපියල් විසි දහස ඉක්මවන සේවකයන්, පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගන්නා ඕනෑම පුද්ගලයෙක් සහ ඕනෑම සේවාවක් සැපයීමෙන් මාසයකට රුපියල් ලක්ෂයක් හෝ මාස දොළහක් සඳහා රුපියල් ලක්ෂ දොළහකට වැඩි ගෙවීමක් ලබන ඕනෑම පුද්ගලයෙක්ද මේ යටතට ගැනේ.

පුවත්

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

පුවත්

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Published

on

By

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය  පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් පියවර ගෙන තිබේ.

ඒ අනුව එම කාල සීමාව තුළ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

පුවත්

ආර්ථික සංගණනයක්

Published

on

By

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ.

එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved