Connect with us

පුවත්

පාතාලේ ජනපති ප්‍රචාරණ වැඩට බැහැලා?

Published

on

මෙවර ජනාධිපතිවරණ උණුසුම ආරම්භයත් සමග විදෙස්ගත පාතාල කණ්ඩායම් හා මෙරට පාතාල කණ්ඩායම් තම හිතවාදී දේශපාලනඥයන්ගේ සහායෙන් ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්ද සටනට ප්‍රවිෂ්ඨ වී ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි සති අග අරුණ වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තා වේ වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රතිවිරුද්ධ කල්ලිවල සාමාජිකයන් ඝාතනය කරමින් කළ ඝාතන රැල්ලට විරාමයක් දී මෙම කල්ලි මෙවර ජනාධිපතිවරණයට පෙනී සිටින ප්‍රධාන අපේක්ෂකයන්ට සහය දැක්වීමේ මෙහෙයුමක් අරඹා ඇති බව හෙළිවී ඇති බවයි.

මැතිවරණ රාජකාරි සඳහා පොලිසිය යෙදවීමත්, යුක්තිය මෙහෙයුම අඩාළ වීමත් නිසා යළි හිස එසවූ කුඩු පාතාලය ඡන්ද උණුසුම අස්සේ මහා පරිමාණයෙන් යළිත් හෙරොයින් හා අයිස් ජාවාරම කරගෙන යන බවද හෙළි වී ඇත.

යුක්තිය මෙහෙයුම අරඹා මුල් මාස හයට රටපුරා ඇති පොලිස් ස්ථාන 601 ක් අතුරින් 187 කට අයත් බල ප්‍රදේශවලින් හෙරොයින් හා අයිස් වෙලෙඳාම මුලිනුපුටා දැමුණද යළිත් පොලිස් ස්ථාන 601 ටම අයත් බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් ජයටම වන බව හෙළි වී තිබේ.

මැතිවරණ උණුසුමට මුවා වී එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ට හිතවාදී අපේක්ෂකයකු ගෙන ඒමේ අරමුණින් ඡන්ද සටනට අත දිගහැර මුදල් වියදම් කරමින් සිටින බවද අනාවරණය වී ඇත.

මේ වන විට ඩුබායි ඇතුළු රටවල වෙසෙන මෙරට පාතාල ප්‍රබලයන් අතරින් 42 කට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබේ. ඔවුන්ව මෙරටට ගෙන්වන මෙහෙයුම් නවත්වා ගැනීම සඳහා තමන්ට අවශ්‍ය අපේක්ෂකයකු කරළියට ගෙන ඒමට පාතාල කල්ලි සැලසුම් කර ඇති බවද හෙළි වී තිබේ.

පාතාලය සමග හිතවත්කම් පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකු හා හිටපු මැති ඇමැතිවරු මාර්ගයෙන් පාතාල කණ්ඩායම් ජනාධිපති අපේක්ෂකයන්ට සහාය දක්වන සටනට එක්ව ඇත. ඡන්ද සටනට සහාය දීමට කොස්ගොඩ සුජිගේ කල්ලිය, කළු සාගර කල්ලිය, කරන්දෙණිය සුද්දා, රත්ගම විදුර ඇතුළු කල්ලි දකුණු පළාතෙන් තම සගයන් යොදවා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකුට සහය දක්වන බව හෙළි වී තිබේ.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන වැල්ලේ සාරංග කල්ලිය, කන්ජිපානි ඉම්රාන්ගේ කල්ලිය, කෙහෙල්බද්දර පද්මේ කල්ලිය, ගණේමුල්ල සංජීව කල්ලිය, කිඹුලාඇළ ගුණා කල්ලිය, කුඩු ලාල් කල්ලිය, කෙසෙල්වත්තේ දිනුක කල්ලිය, කුඩු අංජු කල්ලිය ඇතුළු කල්ලි ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනකුගේ ඡන්ද සටනට තම සාමාජිකයන් යොදවා ඇතැයි අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත් පාතාල කණ්ඩායම් පාතලයට වාසිවන අපේක්ෂකයකුට වැඩි සහායක් දක්වනු ඇතැයි දැනට සිදුවන ක්‍රියාකාරකම්වලින් ඔප්පුවන බව ආරක්ෂක අංශ පවසයි.

පුවත්

O/L ප්‍රතිඵල ජූලි 15ට කලින්

Published

on

By

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 478,182කි.

ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් ය.

Continue Reading

පුවත්

ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී තිබේ.

මෙසේ ඉල්ලා අස්වී තිබෙන්නේ එම රෝහලේ සේවය කරන ලද විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා රෝහල් පාලනාධිකාරිය වෙත භාර දී ඇත. 

පෞද්ගලික අවශ්‍යතාවක් මත රෝහලෙන් ඉවත් වන බවට එම විශේෂඥ වෛද්‍යවරයා සිය ලිපියෙන් දැනුම් දී තිබේ.

කෙසේ වුවද මෙම රෝහලේ තවත් එක් විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු සේවය කරන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම රෝහලේ සේවය කරනු ලැබු ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දහඅට වැනිදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළේය. 

එම විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ ශල්‍ය ආයිතම රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගින්ට දැනුම් දීම ඇතුළු චෝදනා රැසකටය.

සබැඳි පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Continue Reading

පුවත්

කොස්ගමදී කොටහැර පොඩ්ඩාගේ පවුලටම වෙඩි තියලා 

Published

on

By

මවක, දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි.

කොටහැර පොඩ්ඩා නමැති සංවිධානාත්මක අපරාධකරු ඇතුළු  තිදෙනකු මෙසේ තුවාල ලබා අවිස්සාවිල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.

හංවැල්ල ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹා නැවත නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් නමය වර්ගයේ බවට සැක කළ හැකි උණ්ඩ නමයක් හමුවී ඇති අතර සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක තුවාලකරුවකු සැඟව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved