Connect with us

පුවත්

“හොරුත් එක්ක දීග කන්න මට ලැජ්ජයි”

Published

on



ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පළුදු නොකරන පොදුජනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.

“වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය වටා බලය කේන්ද්‍ර කර ගෙන හිතුමතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුඅමුවේ උල්ලංඝනය කර ඔවුන් කැමති පොලිස්පති පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කළා. එය මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටවලා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය උල්ලංඝනය කරමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරන්නෙක් බවට අධිකරණය ඒකමතිකව තීන්දුවක් දුන්නා.

මට අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාර ගන්න කතා කළත් මම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා මෙන් මම හොරු සමඟ එකට වාසය කළේ නැහැ. රට හොරා කෑ හොරුත් එක්ක දේශපාලන දීග කන්න මට ලැජ්ජයි. ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙනවා. ඒත් මම මගේ තනි මතයට වැඩකරන්න සූදානම් නැහැ”

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved