Connect with us

පුවත්

ලබන ජනවාරියේ ස්වාධීන කොමිෂන් සභා ඉවරයි: ඡන්ද කොමිසමත් ඒ අතර

Published

on

ලබන මාසයේ (දෙසැම්බරයේ) නව ව්‍යවස්ථාදායක සභාව පත්වීමත් සමඟ දැනට පවතින ස්වාධීන කොමිෂන් සභා 7 අහෝසි කර නව කොමිෂන් සභා 7ක් පත්කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් දූෂණ කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා 7 වෙනුවට අලුතෙන් කොමිෂන් සභා පත් කෙරෙන්නේ පසුගියදා සම්මත වූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුවය.

මෙම ඇතැම් කොමිෂන් සභා සඳහා දැනට ඒවායේ සිටින සාමාජිකයන්ම පත්වීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.

කෙසේවුවද, කොමිෂන් සභා බහුතරයකට නව කොමසාරිස්වරුන් පත්කෙරෙනු ඇතැයි සඳහන්ය.

ඉදිරි පළාත් පාලන ඡන්දයේ මෙහෙයුම් කටයුතු දැනටමත් ස්වාධීන මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර තිබේ. 

එම කොමිසමද ජනවාරියේ අහෝසි වන කොමිෂන් සභා අතර වීම විශේෂ කරුණකි.

පුවත්

විජිත – ජූලි චන්ග් අතර ඇමෙරිකාවේ බදු ගැන සාකච්ඡාවක්

Published

on

By

අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් අද (07) පස්වරුවේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හා අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මේ සමබන්ධයෙන් X සටහනක් එක් කරමින් චන්ග් මහත්මිය ද පවසා තිබුණේ දෙරට අතර වෙළඳ සබඳතා යළි සමබර කිරීම සම්බන්ධයෙන් හේරත් අමාත්‍යවරයා සමග පැවති බවයි.

සාධාරණ, සමබර වෙළඳ සම්බන්ධතාවයක්  රටවල් දෙකෙහිම ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට සහ කර්මාන්ත ශක්තිමත් කිරීමට සහාය වන බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Continue Reading

ක්‍රීඩා

SLC වෙතින් පළමු පෙළ ක්‍රීඩකයින් 45දෙනෙකුට වාර්ෂික ගිවිසුම්

Published

on

By

2025 දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කුසලතා ශක්තිමත් කිරීමේ අඛණ්ඩ වැඩසටහනේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්ම කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කරන ලද තේරීම් මත පදනම්ව, ගිවිසුම්ගත ක්‍රීඩකයින් A, B, C සහ D යන කාණ්ඩ හතරකට වර්ගීකරණය කර ඇත.

ක්‍රීඩක ලැයිස්තුව මෙසේය : 

Continue Reading

පුවත්

IMF 4වැනි සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ  (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළගා කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත් (Sanjaya Panth), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෘවර් (Peter Breuer), ඊවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) යන මහත්වරු ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved