Connect with us

ව්‍යාපාර

භාණ්ඩ ආනයන බදු සංශෝධනය කරයි

Published

on

භාණ්ඩ ආනයනය කිරීමේ දී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

තීරු බද්ද, සෙස් බද්ද, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු සහ කාලීනව ඉදිරිපත් වී ඇති දේශීය කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත පහත වෙනස්කම් සිදුවේ

  • විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත්ව පවතින ඇතැම් ආනයන භාණ්ඩ එම බද්දෙන් නිදහස් කර රේගු ආනයන බද්ද ඇතුළු සාමාන්‍ය ආනයන බදු ව්‍යුහයට ඇතුළත් කිරීම.
  • දුඹුරු සීනි ආනයනය සඳහා ආනයන රේගු බද්ද සංශෝධනය කිරීම.
  • දේශීය කර්මාන්ත බලගැන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත රේගු සංකේතාංක 225ක් යටතට අයත් පාවහන්, ඇසුරුම්, විදුලි යන්ත්‍රෝපකරණ, ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තයට අයත් අමුද්‍රව්‍ය සහ අතරමැදි භාන්ඩ සම්බන්ධයෙන් ආනයන බදු සංශෝධනය කිරීම.
  • ළමා සහ වැඩිහිටි අපද්‍රව්‍ය අවශෝෂක (Diapers) සහ ඒ සඳහා වන අමුද්‍රව්‍ය මත වූ බදු අඩු කිරීම.
  • ශ්‍රී ලංකාව තුල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා අදාළ වන පරිදි බදු සංශෝධනයන් හඳුන්වා දීම.
  • දේශීයව පාපැදි සහ උපාංග නිෂ්පාදන කර්මාන්තය, මුද්‍රණ හා මුද්‍රණ තීන්ත කර්මාන්තය, දේශීයව රෙදි සෝදන යන්ත්‍ර, ලයිටර් නිෂ්පාදන කර්මාන්ත සහ ළමා නිමි ඇඳුම් ආනයනය සම්බන්ධයෙන් පවතින ආනයන බදු විෂමතාවන් ඉවත් කිරීම.
  • තල් හා තල් නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය, විදුලියෙන් ක්‍රියා කරන සෙල්ලම් භාණ්ඩ හා දේශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා තිප්පිලි වෙන්ව හඳුනා ගැනීමට නව ජාතික උප බෙදුම් රේගු සංකේතාංක හඳුන්වා දීම සහ දේශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනයේ දී සෙස් බදු නිදහස් කිරීම සඳහා පවත්නා ක්‍රමවේදය සරල කිරීම.

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved