Connect with us

පුවත්

ජනාධිපති කෙනෙක් විදියට සිඟිති ආතල් දෙන්න හොඳ නැහැ

Published

on

ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පවසයි.

මෙවර ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය පළ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊයේ (11) කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළා.

 ජනාධිපතිවරණයට දවස් 8ක් පමණක් ඉතිරිව තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් තමාව ඉවත් කළ බවත් ජනාධිපතිවරයෙකුට යුතු ක්‍රියා කලාපයක් නොවෙන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී පවසා සිටියාය.

“ආණ්ඩුවෙන් මම කිසිදෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ බයත් නෑ. මම ස්වාධින තීන්දු තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. මේ රටේ ස්වහසක් කලාකාරයින්ගේ හිත දිනාගත්ත කෙනෙක් මම. අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මමත් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමා ඔය අද ඉන්න පුටුවට එන්න හම්බවුණා. එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කියකටද. තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට ඔය වගේ සිඟිති ආතල් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් විදියට.  ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා. මම කිව්වා ඔව්. දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා. ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගන්න මට ඕනේ නෑනේ. ඔව් මම දිනනවා කියලා දන්වා. ඒ විශ්වාසය මට තියෙනවා. “

පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 23 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පිළිගත් අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සමඟ ඵලදායී ලෙස සහ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට රජයේ කැපවීම පිළිබඳව සිහිපත් කළාය. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්ථනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ ඇය, සියලු ප්‍රජාවන්ගෙන් ලැබුණු ඓතිහාසික ජනවරම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු කරන බවද සඳහන් කළාය.

ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන්ම ආයතනික වෙනස්කම් සමඟ නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම යන ප්‍රධාන සාධක තුනක් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සමාජයීය, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළුව මානව හිමිකම්වල සම්පූර්ණ ව්‍යුහමය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී ක්‍රියා කරන බව ඇය නැවත අවධාරණය කළාය. අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) වැනි දේශීය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සඳහා සහාය වන බවද ඇය අවධාරණය කළාය.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත්වීම මහ කොමසාරිස්වරයා අගය කළ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේදී ද්විපාර්ශවික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කලේය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් තවත් නිලධාරීන් පිරිසක්ද සහභාගී විය. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඇතුළත් විය.

Continue Reading

පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමට සැලසුම් කෙරේ

Published

on

By

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතය.

මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමේ  වැඩපිළිවෙළ යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරයද නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.

හෙක්ටයාර් 1.42ක භූමි ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පළ 1964 වසරේදී ආරම්භ කර ඇති අතර, දෛනිකව බස් රථ 1500 – 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදුකෙරේ කෙරේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (23) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්වරුන්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන් අනතුරුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියම විය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නිකුත් කළාය

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved