Connect with us

විදෙස්

පේරු හි හිටපු ජනාධිපති ෆුජිමෝරි මියයයි

Published

on

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ.

ඒ වනවිට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.

ඔහු 1990 සිට 2000 දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය.

විශේෂයෙන්ම පේරු රාජ්‍යය තුළ මතුවෙමින් පැවති “ෂයිනින් පාත්” ගරිල්ලා සංවිධානය මර්ධනය කිරීමට ඔහු දැඩි හමුදා බලය පාවිච්චි කළේය.

ඔහුව බලයෙන් පහ කෙරුණේ ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා වල ප්‍රතිඵලයක් වශයෙනි.

පසුව ඔහු ජපානයට පැනගිය අතර 2005 වසරේදී ෆුජිමෝරි ව චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා වසර 25කට ඔහුව බන්ධනාගාර ගත කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කළේ වසර 15කට පසුවය.

විදෙස්

සියලුම සංචාරකයින්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වැසේ

Published

on

By

තායිලන්ත හමුදාව විසින් වෙළෙඳුන් ඇතුළු සියලුම සංචාරකයින්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඔවුන් එසේ සිදුකර ඇත්තේ ආරක්ෂක හේතූන් මත බවයි වැඩිදුරටත් වාර්තා සඳහන් කරන්නේ.

Continue Reading

විදෙස්

මැදපෙරදිග ගුවන් කලාපය යළි විවෘතයි

Published

on

By

තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බවය.

ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමට පියවර ගැණුනි.

ප්‍රහාරවලින් අනතුරුව යළිත් සිය ගුවන් අවකාශය විවෘත කළ බව කටාර්හි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව ද කටාර් රජය ප්‍රකාශ කර ඇත.

කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වන විට සිය ගුවන් අවකාශ විවෘත කර ඇති බව සඳහන්ය.

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බව ද සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේය.

අදාළ ගුවන් යානා මස්කට්, ඩුබායි සහ රියාද් යන ගුවන්තොටුපොළවල් වෙත ගොඩ බෑමට කටයුතු කර තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බව එම අධිකාරිය සඳහන් කළේය.

Continue Reading

පුවත්

දින 12 ක යුද්ධය අවසන් යැයි ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර

Published

on

By

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ.

මේ අතර, සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවය.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සඳහන්ය.

එම සටහනේ ඔහු පවසන්නේ සියල්ල සිදුවිය යුතු පරිදි ක්‍රියාත්මක වන බව සහ තමා රටවල් දෙකටම සුබ පතන බවයි

මෙම ඉරාන ඊශ්‍රායල යුද්ධය දින 12 ක යුද්ධය ලෙස ඔහු හඳුන්වා දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved