Connect with us

පුවත්

ජනාධිපතිවරණ පැමිණිලි සංඛ්‍යාවේ වැඩිවීමක්

Published

on

2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසීය.

ඉන් පැමිණිලි 28ක් ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දැකිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්. ඒ. එල් රත්නායක මහතා පවසා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව පොලිසිය වෙත පැමිණිලි 350ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ද ප්‍රකාශ කළේය.

පුවත්

ජනාධිපති ලේකම් සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක්

Published

on

By

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවැත්විණි.

වර්තමානයේ  බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු 
විය.

මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී 
පෙන්වා දුන්නේය.

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ යන 
මහත්වරු සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

ජනපතිව සිටි සමයේ රනිල්ගේ විදෙස් සංචාර පිළිබඳ විමර්ශනයක්

Published

on

By


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි සමයේදී සිදුකරන ලද විදෙස් සංචාරයන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (24) දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පැවසුවේ පොදු දේපල පනත යටතේ අදාළ විමර්ශනයක් සිදුකරන බවය. 

Continue Reading

පුවත්

බෝරා වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

By

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව හෙට (25) කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව 2025.06.25 වනදා සහ 2025.06.27 සිට 2025.07.05 දක්වා පැවැත්වෙයි.

ඒ සඳහා බෝරා ආගම අදහන විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බැවින් ඉහත දිනවල උදෑසන 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි.

එමෙන්ම 2025.06.27 වන දින සිට 2025.07.05 වන දින දක්වා උදෑසන 07:00 සිට උදෑසන 11:30 දක්වා සහ සවස 03:00 සිට රාත්‍රී 10:00 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වෙයි.

පොලීසිය දැනුම්දෙන්නේ එම දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබන බවය.

පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙන්නේ, බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළුවී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබය බවය.

බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved