Connect with us

පුවත්

මාස එකහමාරකින් පාර්ලිමේන්තුවේ 150කට වඩා ගෙදර යවනවා

Published

on



ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පන්නල නගරයේ ඊයේ (14) පස්වරුවේ පැවති ජනරැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කලේය.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවන බවය.

පාර්ලිමේන්තුව මේ වන විට විනයක් නොමැති, ත්‍රාඩයන්ගේ සහ මිනීමරුවන්ගේ තෝතැන්නක් වී ඇති බව අනුර කුමාර දිසානයක මහතා මෙහිදී අවධාරණය කලේය.

“රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද කිව්වත්. සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා කිව්වත්. තවදුරටත් මේ ව්‍යාපාරයේ ගමන පරාද කරන්න බෑ. දැනගන්න රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි. ඨූ ලටෙ ‘දැන් පරක්කුයි. අපි ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ පාර්ලිමේන්තුවේ කුණුහරුප වලින් කෑ ගහනවා. මිනි මරලා හිරේ ගියපු, කප්පම් අරගෙන හිරේ ගියපු ත්‍රාඩයන්ගේ තෝතැන්නක් වෙලා තියෙන්නේ. ඕනේද මේ වගේ පාර්ලිමේන්තු.  මාස එකහමාරක් ඇතුළත මහ ඡන්දේ තියනවා. මේ ඉන්න පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා. අනිත් හැම එකක්ම සජිත් කොපි කරනවා. මේ ටික කොපි කරන්නේ නෑ.”

පුවත්

පාසල් වලට ඩෙංගු මැඬලීමේ දිනයක්

Published

on

By

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ජූලි 09වන දා සංවිධානය කර තිබේ.

“Clean Sri Lanka Day” නමින් නම් කර තිබෙන මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන අතර පාසල් දරුවන් තුළ පාරිසරික, සමාජීය හා ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම ඉන් අරමුණු කෙරේ.

එමෙන්ම, මීට සමගාමිව මෙරට පාසල් 10,096ම ආවරණය වන පරිදි චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, නාට්‍ය සංස්කෘතික සහ සංගීතමය අංග මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ  ආණ්ඩුකාර කාර්යාලවල සහායද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.මෙම වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අතිරේක ලේකම් උදාරා දික්කුඹුර යන මහත්ම මහත්මීහුද, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කොහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේද, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් 30,000ක්

Published

on

By

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයකි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද මෙහිදී බඳවා ගැනීම් සිදු කරන බවය.

මීට අමතරව කළමණාකාර සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති බවද වාර්තා වේ.

අමාත්‍යවරයා පවසා ඇත්තේ, සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවය

Continue Reading

පුවත්

අර්ජුන් ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි නඩුව එළඹෙන ජූලි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

නොච්චියාගම  පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ  චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව කැඳවු අවස්ථාවේ  අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙමෙ නියෝගය නිකුත් කළේය.

ඊට අදාළ විමර්ශනයන් හි ප්‍රගතිය දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කරන ලදී.

අදාළ නඩුව  කැඳවීමට නියමිත ලබන ජූලි මස 23 දින සැකකාර අර්ජුන් ඇලෝසියස් මහතා යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින  ලෙසටද  නියෝග කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved