Connect with us

පුවත්

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය

Published

on

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ අදාළ ප්‍රශ්න තුනට සමාන ප්‍රශ්න තුනක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් හරහා අලව්ව ප්‍රදේශයේ, ගුරුවරයෙකු විසින් සමාජ මාධ්‍යයට එක්කර ඇති බවට ලද තොරතුරු මත විමර්ශනයක් සිදුකරන බවය.

ඒ අනුව අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව කැඳවා, සාකච්ඡා කර ඇති අතර, එහිදී අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර තිබේ.

හෙට (18) දිනයේ දී විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිත අතර, ඔවුන්ගේ වාර්තාවෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා බව අමිත් ජයසුන්දර මහතා පවසයි.

මේ අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අතර, සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක්ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක පෙනී සිට ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved