Connect with us

පුවත්

අපි හැමෝම අනුරට සහය දෙන්න ඕන

Published

on

ජනාධිපතිවරණයෙන් ලද ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

වජිර මහතා පවසා සිටියේ රනිල්ගේ වැඩ සටහනට වඩා අනුරගේ වැඩසටහන ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන බවය.

නැවත පෝලිම් යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇති බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුට ඡන්දය දුන් සැමට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් සිය ඡන්දය භාවිත කළා.වර්තමානයේ 42%ක ජන වරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් විශාල වගකීමක් පවරා තිබෙනවා. එම වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල සීමාවක් ලබාදිය යුතුව තිබෙනවා. ඉදිරියේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කණ්ඩායමට සියලු දේශපාලන පක්ෂ ලබා සහයෝගය දිය යුතුව තිබෙනවා” යි මන්ත්‍රීවරයා සඳහන් කරනවා”

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් සුවිශේෂී පින්කමක්

Published

on

By

මියන්මාරයේ භූමිකම්පාව නිසා අසරණව ලංකාවේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට වියලි ආහාර ඇතුළු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ දානමය පින්කමක් අද (14) පැවැත්විණි.

මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණ මෙම දානමය පින්කම සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ආගමික නායකයින් එක්වූ මෙය සංවිධානය කර තිබුනේ ධර්මශක්ති පදනමයි.

මෙහිදී මියන්මාර් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පින්ඩපාතයේ වැඩිය අතර අන්‍යාගමික නායකයින් හා බැතිමතුන් විසින් එම ස්වාමීන් වහන්සේලාට  දානමාන පිළිගන්වන ලදි.

Continue Reading

පුවත්

“ටීචර් අම්මා”ට ඇප (UPDATE)

Published

on

By

අද (14) මීගමුව අධිකරණයට භාර වූ හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය ඇප මත නිදහස් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හයේශිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා , ආයතන කළමනාකාරිවරයා සහ එම ආයතනයේ සේවය කරන තවත් තරුණයින් දෙදෙනෙකුද රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

අධිකරණය විසින් නියෝග කර ඇත්තේ විත්තිකරුවන් සියලු දෙනාටම ඇප ලබා දිය යුත්තේ සමීපතම ඥාතීන් පමණක් බවත්, සියලු දෙනාගේම ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කල යුතු බවත්ය.


(පෙර පුවත 2025 14 මැයි ප.ව.1.50 )

“ටීචර් අම්මා” පොලීසියට භාර වෙයි

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණයට භාර වූ බවය.

හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් යෙදවූවද පොලිසියට ඇයව අධිකරණයට අද භාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය

පොලීසිය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවය.

පසුගිය සතියේ තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහරදීමේ චෝදනාවකට සැකපිට හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර එම සැකකරුවන්ව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කලේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved