Connect with us

පුවත්

අනුරට බලය ඇවිත් ජොනී හිරේ යයිද? (වීඩියෝ)

Published

on

ජනපති අනුර කුමාර දිසානායක මහතා මීට සිවුවසරකට පෙර 2020 සැප්තැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධ වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

එහිදී අනුර, “වංචනිකයන්ට දඬුවම්දීමේ බලයක් මට තිබෙනව නම්, අපරාධ කාරයින්ට දඬුවම්දීමේ බලයක් මට තිබෙනව නම්,මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකු නැතිබව මා දන්නවා” යනුවෙන් කියා සිටී.

“අපිට එක ආණ්ඩුවක් ආවොත් මම දන්නවා කරන හැටි…කිසි වංචනිකයෙක්…කිසි අපරාධකරුවෙක්…වංචනිකයන්ට දඬුවම්දීමේ බලය,මා සතුව තිබුණ නම් අද ජොන්ස්ටන්ට අද ජොන්ස්ටන් ඇගිල්ල දිගුකරන්න නොමැති බවත් මා දන්නවා…” යනුවෙන්ද ඔහු කියා සිටී.

මේ අතර මීට පෙර, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ දේවේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ද නඩුවක් පවරා තිබේ.

ඉකුත් මැයි (29) මාසයේදී දිසානායක මහතා මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ දී  කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා ඉදිරියේ සාක්ෂි කැඳවීය සාක්ෂියක් ද ලබා දී තිබිණි.

ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ 2017 වසරේදී සංවිධානය කළේ යැයි කියන  රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවට අදාළ නඩුව ගොනු කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට මෙසේ වන්දි ඉල්ලා ඇත.

වීඩියෝව – Voice Tube
සම්පූර්ණ වීඩියෝව –  

පුවත්

2026දී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කරයි

Published

on

By

2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.

අදාළ අයඳුම්පත මෙසේය :

Continue Reading

පුවත්

ලංකාව – හංගේරියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

Published

on

By

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි.

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ  Gyorgyi Rehoregh සහ විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකම් සහ අයකරගැනීම් ප්‍රධානී  Adrienn Hegyi Szénásine අත්සන් කර ඇත.

නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමට එකඟවී තිබේ.

හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

Continue Reading

පුවත්

සිරුරට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන නතර කරන්න පියවර

Published

on

By

දරුවන්ගේ ශරීර වලට අහිතකර විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (03) දින මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බවයි.

වෙළෙඳපොළේ කළ සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින් ඉදිරි මාස දෙකක කාලයේදී දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved