Connect with us

පුවත්

ඒ නමයක් ගත් සිසුවාට පියා ඉදිරිපිට භූමිතෙල් ඉස ගිනි තියලා!

Published

on

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අම්පිටිය ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිට ඇති මෙම සිසුවා තමන් ලද විශිෂ්ට ප්‍රතිඵලය මිත්තණියට දැනුම් දීම සඳහා පසුගිය 26 වැනිදා රාත්‍රියේ යමින් සිටියදී මී කණුව එකේ කණුවේ දී මෙම සිද්ධියට මුහුණ දී ඇත.

අම්පිටිය මැද්දේගම ප්‍රදේශයේ පදිංචි සිසුවා ඔහුගේ නිවස ආසන්නයේදීම මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ පියා ද ළඟ සිටියදීය.

සිසුවාගේ ඉදිරියට පැමිණි පුද්ගලයකු ලාම්පුතෙල් ඉස ගිනි තබා පලා ගිය බව තම පුතාට ගිනි තැබූ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි බවද පියා පොලිසියට පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මත්කුඩුවලට ඇබ්බැහිවූ අම්පිටිය මීකණුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පවසයි.

භූමිතෙල් ගිනිගෙන දැවීම නිසා සිසුවාගේ ගෙල ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර ඊයේ (28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර ඇත.

ඉදිරියේ දී ඔහු තවත් සැත්කමකට ලක් කිරීමට නියමිතය.

අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් කලක පටන් ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයකු මෙම ගිනි තැබීම සිදුකර තිබෙන බවත් සිසුවාගේ පවුලේ උදවිය ඔවුන්ට ඇති බිය නිසා සිද්ධිය වසන් කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය කාලය පුරා මෙවැනි අමානුෂික ක්‍රියා ගණනාවක් මෙම මැර කල්ලි විසින් සිදුකළ නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගත් බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් කලක පටන් අම්පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් එළිපිට කප්පම් ගැනීම් සිදු කරන නමුත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇතැයි පෙන්වා දෙන ප්‍රදේශවාසීන් අපරාධකරුවන් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් විට ඇතැම් නිලධාරීන් තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අන්‍යන්‍යතාව අපරාධකරුවන් හමුවේ හෙළි කිරීම නිසා කිසිවකුත් මෙම මැර කල්ලිවලට එරෙහිව කටයුතු කරන්නට ඉදිරිපත් නොවන බවත් පවසති.

මූලාශ්‍රය – දිනමිණ

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි පොහොට්ටුව නැවත ජනපතිගෙන් ඉල්ලයි

Published

on

By

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් තබන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙයට පෙරද පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබිණි.

මේ අතර, පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ තම පක්ෂය සියලුම මැතිවරණ සඳහා වෙනත් කිසිදු ලකුණකින් තරග නොකරන බවයි.

සිය පක්ෂය පොහොට්ටුව ලකුණින් පමණක් තරග කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Continue Reading

පුවත්

අමාත්‍යංශ දෙකක විෂයපත සංශෝධනයක්

Published

on

By

අමාත්‍යංශ දෙකක විෂයපත සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට එක්කර ඇති අතර,

ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත එක්කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved