Connect with us

පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය

Published

on

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එහි ප්‍රතිඵල නිකුත් කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින බවය.

අයැදුම්කරුවන් 452,979ක් සහභාගී වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී පැවැත්විණි.

ඊට පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331ක් ඇතුළත්ය.

ප්‍රතිඵල නිකුත් කළ පසු doenets.lk සහ results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේය.

පුවත්

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

“තේ” වලට හැරුන “විස්කි”

Published

on

By

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ මත්පැන් තේ කහට බවට පත්වූ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලිසිය පැමිණිල්ලක් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගය පරිදි අධිකරණ නිලධාරින් ඉදිරියේ විනාශ කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ පල් වතුර සහ තේ වතුර බවට පත්ව තිබේ.

මත්පැන් බෝතල් 17 ක් කඩා බැලීමේදී මේ බව අනාවරණය වී ඇති අතර අදාළ බෝතල් සියල්ල සිල් තබා අධිකරණ භාරයට ගැනීමටමහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

එසේ අත්අඩංගුවට ගන්නා ලද මත්පැන් බෝතල් තේ වතුර බවට පත් වීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණ රෙජිස්ටර්වරයා විසින් කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් වැඩ බලන පොලිස්පතීවරයාට දැනුම් දී ඇති බව ද සඳහන්ය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved