Connect with us

පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්ත ජයවර්ධනට නොතීසි

Published

on

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබේ.

නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කළ රුපියල් මිලියන 75ක වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මත මෙලෙස චෝදනා ගොනු කර ඇති බවය.

ඒ අනුව, නිලන්ත ජයවර්ධන මහතාට ඔක්තෝබර් මස 07 වනදා පෙරවරු 9.30ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් සුවිශේෂී පින්කමක්

Published

on

By

මියන්මාරයේ භූමිකම්පාව නිසා අසරණව ලංකාවේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට වියලි ආහාර ඇතුළු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ දානමය පින්කමක් අද (14) පැවැත්විණි.

මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණ මෙම දානමය පින්කම සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ආගමික නායකයින් එක්වූ මෙය සංවිධානය කර තිබුනේ ධර්මශක්ති පදනමයි.

මෙහිදී මියන්මාර් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පින්ඩපාතයේ වැඩිය අතර අන්‍යාගමික නායකයින් හා බැතිමතුන් විසින් එම ස්වාමීන් වහන්සේලාට  දානමාන පිළිගන්වන ලදි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved