Connect with us

පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Published

on

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතය.

මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවය.

එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 67,500 සහ දින 364 කින් කල් පිරෙන මිලියන 10,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.

පුවත්

බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද?

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි.

තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂය සහ ජාතික ජන බලවේගය එකහා සමාන මට්ටමක පසුවෙයි.

කෙසේවෙතත් සෙසු පළාත් පාලන ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටයි.

මෙවැනි තත්ත්වයක් තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති.

පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති හා උප සභාපති නම්කර එවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දෙනු ලබයි.

එහෙත් එසේ බලයක් නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කරගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයින්ගේ එකඟතාවයෙන් සිදුකරන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

අදත් හවසට වැස්ස

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව  දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Continue Reading

පුවත්

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට  අද   නිවාඩු

Published

on

By

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද  (07) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved