Connect with us

පුවත්

මර්දනකාරී අණපනත් අහෝසි කරන්න

Published

on

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව ජනපති අනුර කුමාර දිසානයක මහතා වෙත අවධාරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමාකරන සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය පිරිහීමට ලක්කරන නීති රැසක් පසුගිය කාලයේදී සම්මත කර ඇති බවය.

එම නීති වෙනස් කිරීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

රටේ අනාගතය තීරණය වන්නේ ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය මත බව ද පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සියලු මර්දනකාරී අණපනත් අහෝසි කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනාධිපතිවරයාගේ කැපවීම පෙන්නුම් කළ හැකි බවත්, එය ස්වර්ණමය අවස්ථාවක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, යෝජිත ත්‍රස්ත මර්දන නීතිය, කෙටුම්පත් කර ඇති කම්කරු නීති මෙසේ කඩිනමින් වෙනස් කළ යුතු ඒවා අතර වන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම, පසුගිය ආණ්ඩු කාලවලදී සිදු වූ මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් සහ ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම්, මාධ්‍ය ආයතනවලට පහරදීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමට කටයුතු කරන ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

පුවත්

අද පස්වරුවේ තද වැසි

Published

on

By

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading

පුවත්

අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන්; ලියෝ පාප් වහන්සේ

Published

on

By

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් ඊයේ (08) පස්වරුවේ තේරී පත්විය.

ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත.

69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය.

එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14 වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.

ඒ උන්වහන්සේ පෙර දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට එක්වීමෙන් අනතුරුවය.

Continue Reading

පුවත්

ඉන්දු – පාකිස්තාන ගැටුමට කිසිසේත්ම හවුල් වෙන්නේ නෑ

Published

on

By

ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්‍ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා රජය පවසයි.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අඛණ්ඩ ව අදාළ දැනුම්වත් කිරීම් රජය වෙත සිදු කරනු ලබන බවය.

කලාපීය සහයෝගීතාව, සාමය සහ ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය හරස් වන ඕනෑම අවස්ථාවක එය මර්දනයට ශ්‍රී ලංකාව ලබා දිය හැකි සෑම සහායක් ම ලබාදීමට සූදානම් වුව ද,
රටවල් දෙකක් අතර පවතින භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසෙත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved