Connect with us

පුවත්

ගිය අය ආයේ ගන්නේ නැහැ

Published

on

සන්ධාන ගත වීම සඳහා ආරාධනා ලැබී තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ එකඟවන්නේ නම් එම පක්ෂ සමඟ පමණක් සන්ධාන ගත විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

කාරියවසම් මහතා මේ බව පැවසුවේ අද (30) ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදිය.

කාරියවසම් මහතා සඳහන් කළේ මූලික වශයෙන් සන්ධානගත වීමට හදන පක්ෂ රටේ ඒකීයභාවය පිළිගන්නා පක්ෂ නොවන බවය.

මේ අතර පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක්ට නැවත පක්ෂයේ ඉහළ තනතුරු හෝ මහමැතිවරණයේ නාමයෝජනා ලබා නොදෙන බව ඔහු අවධාරණය කර සිටියේය.

”සන්ධානගතවීම සඳහා ආරාධනා ලැබිලා තිබුණා. අපි දැඩිව සිටිනවා අපි සන්ධානගත වෙනවා නම් සන්ධානගත වෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ එකගවෙන පක්ෂ සමඟ විතරයි. අද මේ මූලික වශයෙන් සන්ධානගත වෙන්න හදන පක්ෂ ඔවුන් මේ රටේ ඒකීයභාවය පිළිගන්නා පක්ෂ නොවේ. මේ ඔවුන් සියලුම වෙනත් මතවාද දරණ පක්ෂ. අපි යම්කිසි තාවකාලික පසුබැස්මක ඉන්නවා. අපිට මේ පසුබැස්ම ඇතිවෙලා තිබෙන්නේ පහුගිය කාලයේ මේ රටේ අපේ නායකයින්ට කළ බොරු චෝදනා රටේ ජනතාව විශ්වාස කළ නිසා. අපි ඉතාම ආයාචනාත්මකව මේ රජයෙන් ඉල්ලා සිටිනවා ඔබලා කළ බොරු චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ චෝදනා ඔප්පු කරගන්න බැරි වුණොත් ඒ ජනතාව නැවත එන්නේ, එකතුවෙන්නේ අපි සමඟ. ඒ නිසා අපි අපේ පක්ෂය මේ රටට ආදරය කරන ජනතාව වෙනුවෙන්, මේ රටේ ඒකීයභාවය රකින්න ඕන ජනතාව වෙනුවෙන් අපි අපේ පක්ෂය ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන්න කැමති. වෙනත් මත දරණ සමඟ එකතුවෙලා අපේ ප්‍රතිපත්තිට එරෙහිව කටයුතු කරනවාට වඩා අපි මේ අවස්ථාවේදි පක්ෂයක් හැටියට එකම ප්‍රතිපත්තියක ඉඳලා ඉදිරි අනාගතයට මුහුණදිලා අභියෝග ජයගන්න කැමති.අපේ පක්ෂය පාවාදුන් කොටසක් ඉන්නවා. ඒ පක්ෂය පාවාදුන් කොටස දැන් ඔවුන් දේශපාලන වශයෙන් අපි දන්නවා පත්වෙලා තිබෙන තත්වය. අපි පක්ෂයක් හැටියට ගත්ත තීන්දුවේ ස්ථිරව ඉන්නවා. පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක් නැවත පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා ලබාදීමක් කරන්නේ නැහැ.මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා ජනතාව කියනවා නම් ඒ සැලුන්දොර තවදුරටත් ඇරලා තියන්නේ නැහැ කියන කාරණය. මෙතන විවිධ කණ්ඩායම් ඉන්නවා. පක්ෂය පාවාදිලා ගිය කොටසක් සිටිනවා. ඒ වගේම මුලින්ම වෙනස් මතයක් දරලා 2022 ම ගිය කොටසක් ඉන්නවා. අපිත් සමඟ අවසානය මොහොතේ ඉඳලා පක්ෂය පාවාදිලා ගිය පිරිසක් ඉන්නවා. මේ කිසිම ආකාරයකින් පක්ෂය පාවාදිලා ගිය පිරිසනම් අපි මේ පක්ෂයට ගන්න කටයුතු කරන්නේ නැහැ.”

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved