ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් අද දිනට යෙදී තිබේ.
මද්‍යසාර භාවිතය නිසා වසරකට මරණයට පත්වන සංඛ්‍යාව මිලියන 03කට ආසන්නය.
දැනට සිදු කරන පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ලොව පුරා වළක්වා ගත හැකි මරණවලින් 10න් 08කටම හේතුවක් වන්නේ බෝ නොවන රෝග වන අතර බෝ නොවන රෝග ඇතිවීමට ප්‍රධාන සාධක 4න් 1 ලෙස මද්‍යසාර භාවිතය බවය.
2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත මඟින් මද්‍යසාර පිළිබඳ ප්‍රචාරණයන් තහනම් කර ඇතත්, තවමත් මද්‍යසාර ප්‍රවර්ධනයන් සිදු කරමින් පැවැතීම බරපතළ තත්ත්වයකි.
මෙම ප්‍රවර්ධන ආයතනයන්ගේ මූලික අරමුණ වී ඇත්තේ මද්‍යසාර භාවිතය හේතුවෙන් අකාලයේ මියයන පාරිභෝගිකයන් වෙනුවට නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමය.
නව රජයක් බලයට පත්වී නැවුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මොහොතක රටේ මද්‍යසාර ගැටලුව අවම කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා තොරතුරු මධ්‍යස්ථානය යෝජනා කරයි.
(1) මද්‍යසාර සඳහා වූ බදු උද්ධමනය සහ ආර්ථික වර්ධනයට ගළපමින් සෑම වසරකම සුරාබදු වැඩි වන විද්‍යාත්මක සූත්‍රයක් හඳුන්වාදෙමින් එය ක්‍රියාත්මක කිරීම මෙන්ම,
(2) මද්‍යසාර සමාගම් දැනටමත් රජයට ගෙවිය යුතු නමුත් පැහැර හැර ඇති බදු අයකර ගැනීමටත් අනාගතයේ එවැනි තත්ත්වයක් ඇති නොවීමටත්, ක්‍රමවත් බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.
මේ අතර ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන අද (03) දිනයේ වසා දැමිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබේ.
සබැඳි පුවත්