Connect with us

පුවත්

සම්පන්දන්‍ සිටි බංගලාවත් තවම රජයට දීලා නැහැ; නඩත්තුකරල තියෙන්නෙත් රජය විසින්

Published

on

හිටපු විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාට ලබාදී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවෙස ඔහු මියගොස් මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් රජයට බරදී නැතැයි වාර්තා වේ.

මෙම නිල නිවස ඔහුට පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබුණේ කැබිනට් අනුමැතියකිනි.

මෙම නිවස නැවත රජයට ලබා ගැනීමට නම් එම තීන්දුව වෙනස් කරමින් අලුත් කැබිනට් තීන්දුවක් ගතයුතු බව වාර්තා වේ.

මෙම නිල නිවස නැවත රජයට ලබා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ අමාත්‍යාංශය පසුගියදා එවකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට කැබිනට් පත්‍රිකාවක් බාර දුන්නද ආණ්ඩුව වෙනස්වීමත් සමඟ තැබිනට් අනුමැතිය ලබා ගැනීම නතර වූ බව දැනගන්නට ඇත.

එම පත්‍රිකාව නව අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට භාරදීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සම්බන්ධන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත් වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමි විය.

අනතුරුව 2018 ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වී දින පනස් දෙකේ ආණ්ඩුවෙන් පසු යළි විපක්ෂ නායක ධූරයට පත්වුවද සම්පන්දන් මහතාට එම නිල නිවසේ තවදුරටත් සිටීමට අවස්ථාව ලබා දුන්නේය.

අනතුරුව යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව 2019 වර්ෂයේ පෙබරවාරි 26 ගත් තීරණයක් අනුව සම්පන්දන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට සිටින තුරු එම නිවස පාවිච්චි කිරීමට අවසර ලබාදී තිබිණ

මෙම නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවත්, මෙම නිල නිවසේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන සේවකයින්ට වැටුප් ලබාදෙන්නේ රජයෙන් බවත් වාර්තා වේ.

එම නිවසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් 2017 වසරේ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් ද වැයකර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධූරය අහිමි වීමෙන් පසුව ඔහු මිය යන තෙක්ම එම විපක්ෂ නායක නිල නිවසේ ජීවත්විය.

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved