Connect with us

පුවත්

ගතවූ මාස 08ට අලි මරණ 239ක්

Published

on

පසුගිය මාස අටක කාලය ඇතුළත පමණක් ශ්‍රී ලංකාව තුළ අලි මරණ 239ක් වාර්තා වී ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

වන ජීවී දෙපාර්තුමේන්තු ආරංචි මාර්ගවලට අනුව, මෙම මරණවලින් 40ක් වෙඩි තැබීම්වලින්, 31 විදුලිසැර වැදීමෙන්, 28ක්  ‘හක්ක පටස්’ සහ ආහාරවල සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය උපකරණවලින්, 04  විෂ ශරීරගත වීමෙන්, 05ක් දුම්රිය අනතුරුවලින්, 06ක් මාර්ග අනතුරුවලින්, 11ක් දියේ ගිලීමෙන් සහ 07ක් වෙනත් අනතුරුවලින් සිදුව ඇති බව සඳහන් වේ.

එමෙන්ම අනෙක් මරණ,  ස්වාභාවික හේතූන් නිසා හෝ හඳුනා ගැනීමට නොහැකි වූ හේතු නිසා හට ගෙන ඇති බව තවදුරටත් වාර්තා වේ.

වන ජීවී දෙපාර්තුමේන්තු ආරංචි මාර්ගව පෙන්වා දෙන්නේ මෙම මිය ගිය අලි ඇතුන්ගෙන් බහුතරය තරුණ වයස් සීමාවල පසුවන බවය.

වනජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 වසරේදී අලි මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතූන් මත අලි ඇතුන් 488 ක් මිය ගොස් ඇති අතර අලි -මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන් 184 කට දිවි අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වන අලි ගහනය කොතෙක්ද යන්න අවසන් වරට සංගණනයක් සිදුකෙරුණේ 2011 වසරේදීය.

එම සංගණනයට අනුව රටේ සමස්ත වන අලි ප්‍රමාණය 5878 ක් ලෙස වාර්තා වී තිබුණි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved