Connect with us

පුවත්

නෙළුම් කුලුනෙන් පැන ඇත්තේ අල්ට්‍රා ටවර් එකෙන්න පැන්න සිසුවියගේ හොඳම මිතුරියයි

Published

on

කොළඹ නෙළුම් කුලුනේ නැරඹුම් මහලේ සිට බිමට පැන ඊයේ (07) සියදිවි හානිකරගත් ජාත්‍යන්තර පාසල් සිසුවිය කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පසුගිය ජූලි 02දා බිමට පැන සිය දිවි හානි කරගත් සිසුවාගේ සහ සිසුවියගේ හොඳම මිතුරියක් බව පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. 

අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන සිය මිතුරියත් මිතුරාත් මිය යාම සම්බන්ධයෙන් මෙම සිසුවිය යම් කළකිරීමකින් සිට ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

කොළඹ 07 පිහිටි ජාත්‍යන්තර පාසලක මෙම සිසුන් තිදෙනාම අධ්‍යාපනය ලබා ඇත. සිය මිතුරියත් මිතුරාත් සියදිවි හානිකරගෙන මාස තුනකට පමණ පසු ඇය සියදිවි හානිකරගෙන ඇත්තේද මිතුරාත් මිතුරියත් සියදිවි හානිකරගත් ආකාරයටම බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

නෙළුම් කුලුනෙන් බිමට පැන සියදිවි හානිකරගෙන ඇති සිසුවිය කොල්ලුපිටියේ පදිංචි ව්‍යාපාරික පවුලක දරුවෙක් බව පොලිසිය කියයි. රද්‍යා ගුණසේකර නමැති ඇය වයස අවුරුදු 15ක් වන ජාත්‍යන්තර පාසලේ 11 පංතියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

පාසල නිමවීමෙන් අනතුරුව ඇය කුරුඳුවත්තේ සිට නෙළුම් කුලුනට පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුම සිය පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇඳුමකින් සැරසී බව පොලිසිය කියයි. පාසල් නිල ඇඳුම දැමූ පාසල් බෑගය නෙළුම් කුලුනේ නැරඹුම් ස්ථාන කොටසේ තිබී පොලිසියට හමුවී ඇත. එහි තිබී සිසුවියගේ යැයි සැකකරන ජංගම දුරකථනයක්ද හමුවී තිබේ.

කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පැන්න සිසුවියත් සිසුවාත් පාසල් නිල ඇඳුමින් පැමිණ පසුව එම නිවාස සංකීර්ණයේ දී ඇඳුම් මාරුකරගෙන ඉහළ මහලට ගොස් සියදිවි හානිකරගෙන තිබුණි.

නෙළුම් කුගුනෙන් පැන්න සිසුවිය නෙළුම් කුලුනට ඇතුළුවීමට ටිකට්පතක්ද රැගෙන 29 වැනි මහල ලෙස නම්කර ඇති නැරඹුම් මහලට ගොස් සිය සපත්තු ගලවා බැම්මට මතට නැඟ බිමට පැන ඇත්තේ සවස 3.30ත් 4.00ත් අතර බව පොලිසිය කියයි. එම සපත්තු ජෝඩුවද විමර්ශනයේ දී පොලිසියට හමුවී ඇත. ඇය බිමට පැන ඇත්තේද ආරක්ෂක නිලධාරීන් මෙන්ම නැරඹුම් මහලේ සිටි බොහෝ පිරිසක් මඟ හැර හුදෙකලා ස්ථානයකින් බව ද විමර්ශනයේ දී පොලිසියට පෙනී ගොස් තිබේ.

නැරඹුම් මහලේ සිට බිමට පැන්න ඇය එහි දී වැටී ඇත්තේ තෙවැනි මහලේ කොන්ක්‍රිට් තට්ටුව මතටය.

කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයෙන් පැන්න සිසුවියත් සිසුවාත් වැටී තිබුණේ මෙසේ අතරමැදි මහලක් මතටය.

මෙම සිසුවිය නෙළුම් කුලුනට පැමිණ ඉහළ මහල වෙත ගමන් කරන අයුරු මෙන්ම නැරඹුම් මහලේ ඇය සැරිසරන අයුරු ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට ඉදිරියේ දී පොලිසිය කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කීය.

මෙම සිසුවිය නෙළුම් කුලුනෙන් බිමට පැන්න නැරඹුම් ස්ථානයේ සිට ඇය බිමට වැටුණු තුන්වැනි මහල අතර උස මීටර් 250ට වැඩි බවත් මෙරට ඉතිහාසයේ ගොඩනැඟිල්ලක මෙතරම් ඉහළකින් බිමට පැන සිය දිවි හානිකර ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙන්ම නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානාකරගත් පළමු තැනැත්තිය ඇය වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

“විසුම්පාය” සංචාරක ව්‍යාපෘතියකට බදු දෙයි

Published

on

By

රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය ලෙස පාවිච්චි කරන ලද “විසුම්පාය” ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර්දේශ – ශ්‍රී ලංකාවත් ඒ අතර

Published

on

By

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවය.

Continue Reading

පුවත්

වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි

Published

on

By

වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවය.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved