Connect with us

පුවත්

 රන්ජන් ස්වාධීන පක්ෂයකින් මහ මැතිවරණයට

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අලුත් පක්ෂයකින් මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ මහතා අකුරු දෙකක පක්ෂයකින් මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වන බව පැවසේ.

මානව හිතවාදී දේශපාලඥයකු හා දක්ෂ කලාකරුවකු වූ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 79 වැනි ඡන්ම දිනය යෙදී ඇති අද (09) දිනයේදී රාමනායක මහතා මේ බව ප්‍රකාශයට පත්කරනු ඇතැයිද මේ අතර වාර්තා වේ.

විජය රන්ජන්ගේ මාමාය.

මීට දින කිහිපයකට පෙර රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අදාළ ලිපි ලේඛන සමඟ ඔහු ජනාධිපති කාර්යාලයට ගොස් තිබිණි.

ජනාධිපති කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ සිය ප්‍රජා අයිතියට අදාළ ලිපි ලේඛන කිහිපයක්  රැගෙන එන ලෙස තමාට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවයි.

“මම NPP නායකයින් ඇමතුවා. මගේ ප්‍රජා අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස මා කළ ඉල්ලීමට ඔවුන් අවනත වුණා. මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එක්කත් දුරකථනයෙන් කතා කළා.” ඔහු මාධ්‍යවේදීන් හමුවේ එහිදී කියා සිටියේය.

“මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කරලා ඡන්ද අයිතියත් නැති කළා. මට ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ඡන්ද පත්‍රිකාවක් ලැබුණා. ඒත් මම රටින් පිට හිටිය නිසා මට ඡන්දය දෙන්න බැරි වුණා.”

තම ප්‍රජා අයිතිය යළි ලබා දෙන්නේ නම් එන්පීපීයෙන් මහ මැතිවරණයට තරග කරන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක මහතා එහිදී කියා සිටියේ ඒ ගැන කිසිවක් කීමට තවමත් කල් වැඩි බවයි.

පුවත්

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

Published

on

By

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳ­හන් කලේය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පශු වෛද්‍ය වර්ජනය අරඹයි

Published

on

By

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර තිබුණි.

එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.

Continue Reading

පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

Published

on

By

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved