Connect with us

පුවත්

මහ මැතිවරණයට නැති හිටපු මන්ත්‍රීන් කවුද ?

Published

on

රටේ ඇතිවූ ආර්ථිකමය කඩා වැටීම හමුවේ ගොඩනැගුණු ආණ්ඩු විරෝධී ‘අරගලය’ අතරතුර දී නිරන්තරයෙන් ම ජනතාව අතුරින් ඇසුණු

සටන් පාඨයක් වූයේ, ‘225 ම එපා’ යන්නයි.

ජනතාව මුහුණ දුන් ආර්ථික ගැටළු සහ විදුලි කප්පාදුව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ආරම්භ වූ එම විරෝධතා මධ්‍යයේ එළඹෙන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් 11දා අවසන් විය.

මෙවර මහ මැතිවරණය සඳහා 09 වන පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසක් තරග නොකිරීමට තීරණය කළ බවට පසුගිය සති කිහිපයේ දී වාර්තා විය.

තරග නොකරන හිටපු ජනාධිපතිවරුන්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකිරීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

අවස්ථා දෙකක දී විධායක ජනාධිපති ධුරය හොඹ වනු ලැබූ මහින්ද රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේ 1970 වර්ෂයේදී යි.

2020 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු මනාප 527,364ක් ලබා ගනිමින් ඉතිහාසයේ මන්ත්‍රීවරයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමිකර ගැනීමට සමත් විය.

2022 වසරේදී රටේ ඇතිවූ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ නම ද ඇතුලත් විය.

2015 වසරේදී ජනාධිපති ධුරයට තේරී පත්වූ මෛත්‍රිපාල සිරිසේන, 2020 වසරේ දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදිමින් මනාප 111,137ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසිනි. 2019 වසරේදී එල්ලවූ පාස්කු ප්‍රහාර බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

‘අරගලය’ ජනතා විරෝධය නිසා ජනාධිපති ධුරය අතහැරි ගෝඨාභය රාජපක්ෂගෙන් පසුව 2022 වසරේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ ද මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකිරිමට තීරණය කර තිබේ.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ රනිල් වික්‍රමසිංහට හිමිවුයේ මනාප 30,875ක් පමණි. එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ ආසනයෙන් ඔහුට පසුගිය පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව උදාවිය.

තරග නොකරන හිටපු අමාත්‍යවරුන් කවුද?

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකිරීමට තීරණය කර තිබේ.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ තමන් මැතිවරණයට තරග නොකළ ද, ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජාතික ලැයිස්තුවේ මුල්ම අපේක්ෂකයා ලෙස ඇතුලත්ව සිටින බවය.

මීට අමතරව පසුගිය පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන ද මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකරන අතර ඔහු ද ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජාතික ලැයිස්තුව සඳහා ඇතුලත්ව සිටියි.

හිටපු ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකරන බවට ප්‍රකාශ කළේය.

ඊට අමතරව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අලී සබ්‍රි ද මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකිරීමට තීරණය කර තිබේ.

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බවයි.

සිය නිවේදනයෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රටේ ඇතිවූ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම ප්‍රධාන කාර්යයක් ලෙස ආණ්ඩුවක් හැටියට පැවරී තිබුණ රාජකාරී හේතුවෙන් පක්ෂ දේශපාලනය සිදු කිරීමට ප්‍රමාණවත් කාලයක් හා නිදහසක් නොලැබුණු බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රථිපල අනුව රටේ ජනතාව අපගේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කර ඇති බවත්, මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගු දේශපාලන මාවත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ විශාල කම්පනයක් සහ කලකිරීමක් බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

තරග නොකරන හිටපු මන්ත්‍රීවරුන් කවුද?

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් විරවංශ, පාඨලී චම්පික රණවක, නාලක ගොඩහේවා, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් සෙනවිරත්න, මාවෙයි සේනාධිරාජා, සි.වී. විග්නේෂ්වරන්, ෂාන් විජයලාල් ද සිල්වා, විමලවීර දිසානායක, එස් බී දිසානායක, කනක හේරත්, වාසුදේව නානායක්කාර සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන හිටපු මන්ත්‍රීවරුන් ඒ අතර වේ.

මේ අතර නාමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, ගාමිණි ලොකුගේ, ටිරාන් අලස්, ජයන්ත වීරසිංහ, සුරේන් රාගවන්, තලතා අතුකෝරල, සී.බි. රත්නායක, ජයන්ත කැටගොඩ, ඩලස් අලහප්පෙරුම, ඉම්තියාස් බාකීර් මාකාර්, ජී.එල්.පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙවර මහ මැතිවරණයට තරග නොකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ සමගි ජන බලවේගය යන පක්ෂ වලින් ජාතික ලැයිස්තුවට නම් ඇතුලත් කර ඇති පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් පිරිස අතරට ඇතුළත්ව සිටියි.

බීබීසී සිංහල සේවය

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved