Connect with us

පුවත්

අයහපත් කාලගුණය දිස්ත්‍රික් 11කට බලපෑම් කරයි

Published

on

කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නාගලගම් වීදියෙන් කැළණි ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී.

ඊට අමතරව කැළණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් ද, අවදානම් මට්ටමේ පවතී.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ඳ සහ පුටුපවුල ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමක් වාර්තා වී තිබේ.

දූනමලේ ප්‍රදේශයෙන් අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇත.

බද්දේගමින් ගිං ගඟ ද, අවදානම් තත්ත්වයේ පවතී.

දිස්ත්‍රික්ක 8 කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය නිර්මාණය වී ඇති බවය.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 233ක් වන බව සඳහන්ය.

මේ අතර ගතවු පැය 24ක කාලය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් අත්තනගලුඔය හා කැලණි, ගිං, නිල්වලා සහ කළු යන ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්. සකුරා දිල්තාර මහත්මිය.

“ගතවු පැය 24 තුළ බොහෝ ප්‍රදේශයන්ට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබී තිබුණා. මේ තත්ත්වය හමුවේ අත්තනගලුඔය ද්‍රෝණියෙත්, කළු, කැලණි, ගිං යන ද්‍රෝණිහි ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතිනවා. නමුත් තවමත් ජලයෙන් යට වූ ප්‍රදේශ පවතින නිසා ජනතාව  ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වනවා. විශේෂයෙන්ම අත්තනගලුඔය ද්‍රෝණියේ තවමත් ජලයෙන් යටවූ පහත්බිම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු වෙනවා. ඒ වගේම කැලණි ගංගාව අවට පහත් බිම් තවම ජලයෙන් යටවී පවතිනවා. කෙසේවෙතත් මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. වර්ෂාව අඩුවීමත් සමග මෙම ගංගා ද්‍රෝණින්හි ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක තමයි පවතින්නේ එම නිසා ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාවක් ලැබුණොත් මෙම ගංගා ඉතා ඉක්මනින් නැවතත් ඉහළ ගංවතුර තත්ත්වයන් දක්වා පැමිණිමට හැකියාවක් පවතිනවා.”      

මේ අතර ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්  තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය පැවසීය.

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved