Connect with us

පුවත්

පාස්පෝට් ගැටලුව විසඳෙන දිනය?

Published

on

ලබන සඳුදා (21) දිනයේ සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

අද (15) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.

එමෙන්ම ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත් ඒ හේතුවෙන් එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

විජිත හේරත් මහතා තවදුරටත් සඳහන් කළේ උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බවය.

කෙසේවෙතත්, මේ වනවිට ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස්ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වනදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී පවසා සිටියේය.

පුවත්

කොළඹ වෙසක් කලාප වෙනුවෙන් රථවාහන සැළැස්මක්

Published

on

By

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව අද (12) සිට බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ සිරස වෙසක් කලාපය පැවැත්වෙන දිනවල දී මෙලෙස රථවාහන සැළසුමක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අදාළව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට විශේෂ රාජ්‍ය සමාව

Published

on

By

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්‍රදානය කෙරෙන බවයි.

දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද අහෝසි කෙරෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කෙරෙන බවයි.

මෙම විශේෂ රාජ්‍ය  සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් 40 දෙනෙකු, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 දෙනෙකු මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved