Connect with us

පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්

Published

on

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (16) උදෑසන 8.00ට නිකුත්කළ එම නිවේදනය හෙට (17) උදෑසන 8.00 දක්වා වලංගුවන බවය.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, ඊයේ (15) දින ප.ව. 11.30 වන විටත් 11.8N සහ 84.0E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය බටහිරට බරව-වයඹ දිශාවට ගමන් කරමින්, පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී හෙට දින උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ ආසන්න දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ළඟා වන බව එම දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 07ත් 16ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 90 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං‍ පැ.කි.මී. 60-70, සමඟින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය දැක්වේ.

හලාවත සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලෝක බල අරගලය මෙරට බල පෙරළියකට තුඩුදිය හැකියි – රනිල්

Published

on

By

ලෝකය බල අරගලයක් වෙත ගමන් කරන අවදානම් තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එය මෙරටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගියදා හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහා පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර් ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය BRICS ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ඔහු ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

Continue Reading

පුවත්

වැසි වාර කිහිපයක්. ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකිය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැකිය.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකිය.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved