Connect with us

පුවත්

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා

Published

on

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

ඒ අනුව, ජනපතිවරණයේදී දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිත කළත්  මහ මැතිවරණයේදි සිය කැමැත්තට අනුව ලංකා කම්කරු කොන්ග්‍රසය කෙරෙහි විශ්වාසය තබා අලියා සලකුණට ජන්දය භාවිතා කරන ලෙස ඔහු වතු කම්කරුවන්ගෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජාතික සන්ධානයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට අලියා සලකුණින් තරග කරන ජිවන් තොණ්ඩමන් මහතා අද  (16) දින නොර්වුඩ් නිව්වැලි වත්තේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් මේ බව පවසා සිටියේය.

ගත වු සිව් වසර තුළ තමන්ට ලැබුණු ප්‍රතිපාදන අනුව වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කළ බවත්, වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට මෙතෙක් අවස්තාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ පමණක් බවත් ජිවන් තොණ්ඩමන් මහතා මෙහිදී පවසා තිබේ.

වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩු කිරීමට ස්වාදීන කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් වතුකරයේ තරුණ කණ්ඩායම් කිහිපයක් කටයුතු කරන බවත්, එම කණ්ඩායම් වලට හසු නොවී අලියා සලකුණ දිනවිමට කටයුතු කරන ලෙසත් ඔහු මෙහිදී සඳහන් කර තිබුණි.

ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී  පවසා සිටියේ කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටින තම දරුවන් මැතිවරණ කාලයේ නිවසට පැමිණ ඡන්දය අහවල් සලකුණට ලබාදෙන ලෙස පවසා යළිත්  රැකියා ස්ථාන වෙත යන නමුත්  වතුකරයේ රැඳී සිටින්නේ වතු කම්කරුවන් බවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා සිටි විශාල පිරිසක් මේ වන විට විවිධ දේශපාලන කණ්ඩායම් වලට බෙදි මහ මැතිවරණයට ඉදිරිපත් වි ඇති බවත්, ලංකා කම්කරු කොන්ග්‍රසය කිසි දිනක දේශපාලන වාසි තකා කටයුතු නොකරන පක්ෂයක් බවයි ජිවන් තොණ්ඩමන් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved