Connect with us

පුවත්

මහර සිරකරුවන්ට වෙඩි තිබ්බ නඩුව වහලා දාලා

Published

on

කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙසත්  ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිදු කළ විරෝධතාවයකදී සිරකරුවන් 11 දෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තුමේන්තුව පවත්වාගෙන ගිය නඩු ගොනුව වසා තැබීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.

එම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් අපරධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පසුගිය අගොස්තු 30 වැනිදා දැනුම් දී ඇති බවද වාර්තා වේ.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දරගේ අත්සනින් යුතු ලිපියක් මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඒ බව දැනුම් දී ඇති අතර, එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැලිසර මහෙස්ත්‍රාන්වරයාටද යොමු කර තිබේ.

සිද්ධියට අදාළ විමර්ශන උධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිත්‍යනුකූලව කටයුතු කර ඇති බවත්, නිලධාරීන් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බවත්, නිරීක්ෂණය වී ඇති බව අදාළ ලිපිය මඟින් නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

එම ලිපියෙහි තවදුරටත් සඳහන් කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වී ඇති බවය.

එබැවින්, මෙම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව ද දෙපාර්තමෙන්තුවේ පවත්වා ගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බව ද එම ලිපිය මඟින් දැනුම් දී තිබේ.

නීතිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ, වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කරමින්, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට 2023 වසරේ අප්‍රේල් 26 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර ඇති පසුබිමකය.

මියගිය සිරකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණි.

කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ඔවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත්, ඒ අනුව කළහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වූ කිසිඳු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවට සළකුණු නොමැති බවට තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා මිය ගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදු වී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවද මහෙස්ත්‍රන් පරීක්ෂණ තීන්දුවේ සඳහන් කර තිබේ.

ඒ අනුව, මෙම සිද්ධිය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ එම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියම කර තිබුණි.

බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවට සාක්කි ඉදිරිපත් වුවද මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවටද මහේස්ත්‍රාත්වරයා තීන්දු කර ඇත.

එමෙන්ම, මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවද ඔහු පවසා ඇත.

2020 වසරේ නොවැම්බර් 30 වෙනි දින මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ සිරකරුවන් 11 දෙනෙකු මිය ගොස් සියයකට වැඩි පිරිසකට තුවාල ලැබූහ.

මානව හිමිකම් කොමිෂන් සභාව 2020 වසරේ දෙසැම්බර් මසයේ දි පවසා තිබුණේ කොරෝනා වෛරසය ආසාදිත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකිරීම මහර බන්ධනාගාරයේ ගැටුමට හේතු වූ බවය.  

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved