Connect with us

පුවත්

නීති විරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

Published

on

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඩීසල් මුදලට විකිණු පුද්ගලයෙකු ඩීසල් ලීටර් 1,225 ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා දඹුල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගලෙන්බිඳුණුවැව, මොරගොඩ මීගස්වැව‍, නාමල්පුර‍ ප්‍රදේශයේ අදාළ වැටලීම සිදුකර ඇත.

එහි දී අනාරක්ෂිතව ගබඩා කර තිබු ඩීසල් ලීටර් 1,225 ක් හා ඊට අදාළ උපකරණ ද සමග එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාර දි ඇත. 

පුවත්

විශ්වවිද්‍යාල  ප්‍රවේශ අත්පොත අද නිකුත් වේ

Published

on

By

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ, පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල බඳවා ගැනීම සඳහා ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බවය.

ඒ අනුව, විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ වන බව වාර්තා වේ.

මෙවර උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

වික්‍රාමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ සේවා කළමනාකරණය පිළිබඳ නව උපාධි පාඨමාලාවක් හඳුන්වා දී ඇති බවත්, එමඟින් සිසුන්ට අධ්‍යයන පහසුකම් සැලසෙන බවත් කොමිසම සඳහන් කළේය.

Continue Reading

පුවත්

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායකගේ සහතිකය

Published

on

By

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  2025.04.30 වනදා  සිය සහතිකය සටහන් කළේය.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 2025.04.08 දින  පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී.

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව  පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වේ.

Continue Reading

පුවත්

සජිත්ගේ කතාවෙන් පසු රැස්වීමේ සෙනඟ නැඟිට යති (වීඩියෝ)

Published

on

By

සමගි ජන බලවේගය විසින් ඊයේ (01) සංවිධානය කරන ලද තලවකැලේ පැවති මැයි දින රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව ඉවත්ව යෑම නිසා කෙටි වේලාවකින් රැස්වීම හමාර කරන්නට සිදුව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම මැයි රැලිය ඇමතීමෙන් අනතුරුව තවත් රැස්වීමකට සහභාගි වීමට ඇති බව කියමින් එම රැස්වීමෙන් ඉවත්ව යෑමත් සමඟ රැස්ව සිටි ජනතාව විශාල සංඛ්‍යාවක්  රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ජනතාව රැස්වීමේ නතර කරගැනීමට විශාල උත්සාහයක් දැරුවත් එය සාර්ථක නොවීම නිසා කෙටි වේලාවකින් රැස්වීමේ වැඩ කටයුතු හමාර කොට තිබේ.

වීඩියෝ – NEWS 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved