ඉකුත් රජය සමයේ වතු පාසැල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය ලබන ජනවාරි මස 27 වැනිදා දක්වා තවදුරටත් දිර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කලේය.
අදාළ පත් කිරීම් අභියෝගයට ලක් කරමින් බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිනීෂා මුසම්මිල් නමැතිත්තිය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහිර් හමුවේ කැඳවනු ලැබුවේය.
පෙත්සම්කාරිය පවසන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් ඉකුත් ජූනි 14 වැනිදා වතු පාසල් සඳහා උප ගුරුවරු බදවා ගැනීමේ සඳහා තරඟ විභාගයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා පෙනී සිටීමට සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බවත්, සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළ බවය.
තමන් වෘත්තියෙන් ස්වේච්ඡා ගුරුවරියක් වන අතර ඊට අයදුම් කළ බවත්, ලංකා ගුරු සේවයේ බදවා ගැනීමේ පටිපාටියට පටහැනි ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත්, පෙත්සම්කාරිය චෝදනා කලේය.
ඊට අමතරව බඳවා ගනු ලබන ගුරුවරුන් කුමන පාසල්වලට අනුයුක්ත කරන්නේදැයි අදාළ ගැසට් නිවේදනයේ පැහැදිලිව දක්වා නොමැති බව පෙත්සම්කාරිය සඳහන් කර සිටියි.
මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලයක් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි යැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, වැඩිදුරටත් ඉල්ලා තිබේ.