Connect with us

පුවත්

‘බුද්ධි තොරතුරු අනුව විශේෂ ස්ථානවල ආරක්ෂාව තර කළා’

Published

on

මැද පෙරදිග යුද වාතාවරණය ආරම්භ වීමත් සමඟ 2024 ඔක්තෝබර් මාසය ආසන්නය වනවිට, ත්‍රස්තවාදී කණ්ඩායම් වලින්  ශ්‍රි ලංකාවටත් යම් තර්ජනයක් ඇති විය හැකි බවට බුද්ධි අංශවලට ලද තොරතුරු අනුව පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක කවුන්සලයෙන් ගත් තීරණය මත ශ්‍රී ලංකාවේ විදේශීය කණ්ඩායම්වලටත් යම් ප්‍රහාරයක් ඇති වේ යැයි කියන සැකය අනුව විශේෂ ස්ථාන සඳහා ආරක්ෂාව තරකර කිරීමට කටයුතු කර ඇති බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වික්‍රමසූරිය මහතා අද( 23 ) පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ඒ අනුව ඊයේ දිනයේ ආරක්ෂක කවුන්සලය රැස් වී අදාළ සියලු ස්ථානයට ආරක්ෂාව සපයා ඇති අතර 23 වෙනිදා උදෑසන ද   ආරක්ෂක කවුන් ජලය රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරමින් ලංකාවේ ආරක්ෂාව සැපයීමට කටයුතු කළ බව වික්‍රමසූරිය මහතා මෙහිදී කීවේය.

ඒ අනුව විදේශිකයන් සංචාරය කරන, පුද, පූජා පවත්වන ස්ථාන සඳහාද විශේෂ ආරක්‍ෂාවක් සපයා ඇති බවද වික්‍රමසූරිය මහතා මෙහිදී කිවේය. ශ්‍රි ලංකාවේ සියලු විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඔවුන් ඒ අනුව සෑහීමකට පත්ව ඇති බවද වික්‍රමසූරිය මහතා පැවසීය,

මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත් කර ඇති  බවත්, ඔවුන් ද ඊට ප්‍රතිචාර දක්වමින් අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් සපයාගෙන ඇති බවද ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහිදී කීවේය.

අපේ රටේ ඉන්න විදේශිකයන්ට මෙන්ම සංචාරකයන්ට කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි  රට තුළ රැඳී සිටීමට  වැඩපිළිවෙළ සකසා තිබෙනවා ඒ වගේම ඔවුන් දැනුවත් කරලා තියෙනවා,ගුවන් තොටුපොළ හා ගුවන් තොටුපොළ අවට සහ ඒ සඳහා පැමිණෙන ස්ථානවලට විශේෂ ආරක්ෂාවකුත් අපි සපයලා තිබෙනවා. ජනාධිපතිතුමාගේත්, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්තුමාගේ සහ,ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් අප මේ සම්බන්ධව දැනුවත් බිම් මට්ටම දක්වාම ආරක්ෂක වැඩපිළිවෙලක් සකසලා මහජනතාවගේ ආරක්ෂක සපයන්න සියලු කටයුතුයි සකසලා තියෙනවා යනුවෙන්ද පැවසීය.

(ලංකාදීප)

පුවත්

ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.

තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

කොළඹ පුරපති තේරීමේ ඡන්දය අද

Published

on

By

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වේ.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් අවශ්‍ය වේ. කෙසේවෙතත්, පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවීම හේතුවෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට අදාළව එහි මංගල රැස්වීම ජුනි 16 වැනිදා පැවැත්වෙන බව සඳහන් කරමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවාය.

ඒ අනුව අද පෙ.ව. 9.30ට කොළඹ මහා නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, එහි නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

Continue Reading

පුවත්

කුඩු ජාවාරමුන්ගේ කෝටි 400ක දේපොළ තහ­නම්

Published

on

By

පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් ඇතුළු නීති­වි­රෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කර­ගෙන ඇති පුද්ග­ල­යන් 88 දෙන­කුගේ රුපි­යල් කෝටි 400කට අධික දේපොළ නීති­වි­රෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය විසින් මේ වන විට තහ­නම් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.

ඒ අතර විශාල ඉඩම් 77ක් ඇතුළු පර්චස් 1500කට අධික ඉඩම්ද, නිවාස හා ගොඩ­නැ­ඟිලි 40කට වැඩි ප්‍රමා­ණ­යක් ද, මැණි­ක්ගල් 12ක් ද, රන් කිලෝ 10කට වැඩි ප්‍රමා­ණ­යක් ද, සුපිරි වෙළෙ­ඳ­ස­ලක් ද, ඔසු­හ­ලක් ද, හෝටල් 02ක් ද, සබන් කුඩු යන්ත්‍ර­යක් ද, වාහන 100කට වැඩි ප්‍රමා­ණ­යක්ද, බහු­දින යාත්‍රා 07ක් ද, පාපැදි 328ක් ද, වල්ලම් 02ක් ද, ඇතුළු දේපොළ ඇති බව එම තොර­තුරු විශ්ලේ­ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වේ. මේසේ දේපොළ තහ­නම් කරන ලද අය අතර පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් 26කගේ දේපොළ ද තිබීම විශේ­ෂි­තය. වැඩිම දේපොළ ප්‍රමා­ණ­යක් තහ­නම් කර­මින් විකි­ණීම, පැව­රීම ආදී කට­යුතු සිදු කිරී­මට නොහැකි වන ලෙස ක්‍රියා­වි­ර­හි­ත­කර ඇත්තේ දෙම­ට­ගොඩ රුවන් නමැති අය­ගේය. ඔහු දෙම­ට­ගොඩ චමි­න්දගේ සහෝ­ද­ර­යාය. නීති­වි­රෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තු­රු­ව­ලට අනුව දෙම­ට­ගොඩ රුවන්ගේ තහ­න­ම්කර ඇති දේපො­ළ­වල මුළු වටි­නා­කම සඳ­හන් වන්නේ රුපි­යල් 666,900,000ක් ලෙසිනි. ඊට රුපි­යල් කෝටි 9ක බැංකු ගිණුම් 05ක්, රුපි­යල් කෝටි 38ක් වටිනා ඉඩම් 02ක්, රුපි­යල් කෝටි 20ක් වටිනා වාහන 10ක්, රුපි­යල් කෝටි 2කට වැඩි වටි­නා­ක­මක් ඇති රත්ත­රන් කිලෝ එක­හා­මා­රක්, රුපි­යල් කෝටි 4කට අධික වටි­නා­ක­මක් ඇති නිවාස 02ක්, මෙන්ම රුපි­යල් කෝටි­ය­කට වැඩි වටි­නා­ක­මක් ඇති උකස් පත්‍රිකා තහ­න­මට ලක්කර ඇති දේපොළ අතර ඇතැයි නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තුරු සඳ­හන් කළේය.

කුඩු සළිඳු, කුඩු රොෂාන්, මොහො­මඩ් රිෆ්කාන්, වැලි­විට සුදා, කර­න්දෙ­ණිය සුද්දා, ගණේ­මුල්ල සංජීව, ලඩියා, කැවුමා, බටු­වත්තේ චාමර, බාසික්, ඕලු­මරා, බතල හීන්, පරෙයි සුද්දා, කිරින්දේ චාමර ඇතුළු පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රැස­කගේ දේපොළ තහ­න­මට ලක්ව ඇති මෙම දේපොළ අතර ඇති බව නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තුරු අනා­ව­ර­ණය කරයි. ප්‍රධාන පෙළේ ගංජා ජාවා­ර­ම්ක­රු­වෙක් ලෙස හඳු­නා­ගෙන සිටින බතල හීන් නමැ­ත්තාගේ රුපි­යල් කෝටි 10 දේපොළ මෑත­කදී තහ­නම් කළ අතර ඉකුත් සතියේ දී ඔහුගේ බිරි­යගේ නමින් වූ තවත් රුපි­යල් කෝටි 03ක දේපොළ තහ­න­ම්කර තිබේ.

මෙසේ දේපොළ තහ­න­ම්කර ඇති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රැසක්ම සිටින්නේ විදේ­ශ­ග­ත­වය. බොහෝ දේපොළ ඔවුන්ගේ ඥාතීන්ගේ නම්ව­ලින් තිබී ඇත.

මෙම දේපොළ තහ­න­ම්කර ඇත්තේ 2021 වසරේ සිට කරනු ලබන විම­ර්ශ­න­යන්ට අනු­වය. ඉදි­රි­යේදී තවත් විශාල පිරි­ස­කගේ දේපොළ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ඒ අනුව එම දේපො­ළද තහ­නම් කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

(දිනමිණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved