Connect with us

පුවත්

ඇල්පිටිය ඡන්ද විමසීමේ මේ වන විට තත්වය (Update)

Published

on

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමාකාමීව සිදුවන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරුන් 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (26) පෙ.ව. 7.00ට මධ්‍යස්ථාන 48කදී ආරම්භ විය.

ඒ අනුව අද පෙ.ව. 10.30  වනවිට 30%ක පමණ ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කර තිබේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේ ඡන්ද විමසීම ප.ව. 4ට අවසන් වූ පසු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 55,643කි.


(පෙර පුවත 2024 ඔක්තෝබර් 26 පෙ.ව.7:15)

ඇල්පිටියේ ඡන්දය අද; ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 10ට ප්‍රථම

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 48කදී සිදු කිරීමට නියමිතය.

ඡන්ද කොට්ඨාස 17කින් සමන්විත ප්‍රාදේශීය සභා ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද දායකයෝ 55643 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය ඇතුළු පිළිගත් පක්‍ෂ 8ක් හා ස්වාධීන කණ්ඩායමක් මැතිවරණයට තරග කළ අතර ඉන් නියෝජිතයන් 28දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිතය.

ඡන්ද සලකුණු කිරීම සවස 4.00ට අවසන් කිරීමෙන් අනතුරුව එම මධ්‍යස්ථානවලදීම ඡන්ද ගණන් කිරීම සිදුවෙයි. 

පසුව එම ගණන් කළ ප්‍රතිඵල ඡන්ද කොට්ඨාස 17 තුළ පිහිටුවා ඇති ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට රැගෙන ඒමට නියමිතය. 

ඉන් අනතුරුව කොට්ඨාස මට්ටමින් ප්‍රතිඵල ගණන් කිරීම සිදුවෙයි. 

එම ප්‍රතිඵල තේරීම් භාර නිලධාරිවරයා විසින් සහතික කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම මගින් නිල වශයෙන් අද රාත්‍රි 10 පමණ වනවිට නිකුත් කිරීමට නියමිතය.

කොට්ඨාස මට්ටමින් නියෝජිතයන් 17 දෙනකු හා සමානුපාතිකව 11 දෙනකු තෝරා ගැනීමට නියමිතය. 

ඒ ඒ පක්‍ෂ හා කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත අනුව සමානුපාතික නියෝජිතයන් ප්‍රමාණයෙන් සියයට 25ක කාන්තා නියෝජනයක් තීරණය කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් 600ක් පමණ ද ඡන්ද මධ්‍යස්ථාන ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් 500ක් පමණ ද යෙදවීමට නියමිතය.

ඇල්පිටිය ඡන්ද විමසීම සම්පූර්ණයෙන්ම නිරීක්‍ෂණය කරන බව පැෆරල් සංවිධානය පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 48ට නිරීක්‍ෂකයන් 48 දෙනකු යෙදවීමටත්, ජංගම නිරීක්‍ෂණ රථ යෙදවීමටත් පියවර ගත් බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved