Connect with us

පුවත්

ඡන්දෙට සාද දාන හෝටල්වලට මැකෝගෙන් රතු එළියක්

Published

on

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ මේ හේතුවෙන් ඊට අදාළ පහසුකම් ලබාදෙන ස්ථාන සහ හෝටල් හිමිකරුවන්ට ද නීතිමය පියවර ගැනීමට මැතිවරණ පනත යටතේ හැකියාව පවතින බවය.

පසුගිය දිනවල මහනුවර ඇතුළු ප්‍රද්ශ රැසකින් අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබුණි.

එම පැමිණිලි වලට අනුව ඇතැම් ස්ථාන වටලා අදාල සාද නතර කිරීමට පියවර ගත් බව සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේය.

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading

පුවත්

හේමසිරි සහ පූජිතගේ නඩුව කල් යයි

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ජූලි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව අද (30) නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වන විට අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා තිබෙන හෙයින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුව සඳහා නව විනිසුරුවරයකු අගවිනිසුරුතුමිය විසින් පත් කරන තෙක් බලා සිටින බව සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල නඩු ජුලි මස 28 වන දා යළි කැඳවීමට නියම විය.

මෙම චෝදනා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියම කර තිබුණි.

එහෙත් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණි.

එම ඇපෑල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ නඩුවල විත්ති වාචකය කැඳවා යළි විභාගයක් පවත්වා තීන්දුව ලබා දෙන ලෙසය.

ඒ අනුව මෙම නඩුව යළි කැඳවා තිබේ.

Continue Reading

පුවත්

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලේ සංශෝධනයක්

Published

on

By

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනයේ ජුනි මසට අදාලව වෙනස් වීමක් සිදු වූයේ නැත.

ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවයි එම සංස්ථාව විසින් දැනුම් දෙන ලදී.

මේවන විට ඉන්ධන මිල ගණන් පවතින්නේ මෙසේය,

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්
  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක
  • භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක්

ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved