Connect with us

පුවත්

ජොනී ඇප ගනියි (Update)

Published

on

මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා හැරුණි.

ඒ ඔහු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Last Update – October 30, 2024 11:02 am

ජොන්ස්ටන් අධිකරණයට 

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 පසුගියදා (23) ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළවය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබිය.

පුවත්

විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගර්භයෙන් එළියට බහිද්දී ජනපති පාර්ලිමේන්තුවට

Published

on

By

විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට ගොස් තිබේ.

කථානායකවරයාගේ පක්ෂක්ග්‍රාහී හැසිරීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු සභාගර්භයෙන් පිටතට ගිය බව මාධ්‍ය විසින් කළ විමසීමකදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර තිබේ,

කෙසේ වෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වේ.

එම සාකච්ඡාවට ව්‍යවසායක දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ, රාමනාදන් අර්ච්චුනා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව ඇත.

අද (17) දිනය තුළ සභාගර්භයට නැවත නොයෑමට මෙම පිරිස තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස සභාගර්භයෙන් පිටව යන අතර ජනාධිපති අනුර දිසානායක මහතා අද උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.

Continue Reading

පුවත්

සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් යයි

Published

on

By

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි,
එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කරන ලදි.

ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා තිබේ.

එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර ඇත.

කෙසේ වෙතත් පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම අද සිදුනොවුණු අතර එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තැබීමට ද සිදුවිය.

Continue Reading

පුවත්

කථානායක තීරණයට විරෝධය පා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාවෙන් ඉවත් වෙති

Published

on

By

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

ඒ ඉරාන – ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීම කතානායකවරයා විසින් අද (17) ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved