Connect with us

පුවත්

ඇමෙරිකානු අරමුදල් වලින් පාසල් පෝෂණ වැඩසටහන ව්‍යාප්ත කෙරේ

Published

on

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) මගින් අරමුදල් සම්පාදනය කරන ලද මැක් ගවර්න් ඩෝල් (McGovern-Dole) ජාත්‍යන්තර අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා වන ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය අද (30) දිනයේදී කොළඹ,මහරගම බුවනෙකබා ප්‍රාථමික විද්‍යාලයට ගොස් තිබුණි.

මෙම වැඩසටහන මේ මාසයේ කොළඹ ප්‍රදේශයේ පාසල් අතර ව්‍යාප්ත කරන ලදී.චන්ග් තානාපති තුමිය ඇයගේ සංචාරය අතරතුර,සිසුන්,ගුරුවරුන්,දෙමාපියන් සහ පාසල් ආහාර සපයන්නන් හමු වූ අතර  මෙම වැඩසටහන දරුවන්ගේ සෞඛ්‍යයට සහ අධ්‍යයන සාර්ථකත්වයට ධනාත්මක ලෙස බලපාන ආකාරය පිලිබඳව  එහිදී  ඔව්හු අදහස් හුවමාරු කර ගත්හ.

චන්ග් තානාපති තුමිය සඳහන් කළේ, “අද වැනි උදෑසනක මහරගම පිහිටි  ඔබේ පාසලට  පැමිණිමට  ලැබීම මට මහත් ගෞරවයකි. උදෑසන ආහාර වේලෙහි සිට පන්ති කාමර ක්‍රියාකාරකම් දක්වා,උනන්දුවෙන් ඉගෙන ගන්නා සිසුන්ගේ සිනහව සහ උද්‍යෝගිමත් ගුරුවරුන්ගේ කැපවීම දැකීම හදවතට සතුටක් ගෙන දෙනවා. පෝෂ්‍යදායී ආහාර සැපයීම පමණක් නොව වඩා හොඳ ඉගෙනුම් පරිසරයක් ද නිර්මාණය කරන ප්‍රයත්නයන්ට සහයෝගය දැක්වීමට හැකි වීම ගැන එක්සත් ජනපදය ආඩම්බර වෙනවා. මෙම ආයෝජනය,කොළඹ නාගරික පාසල්වල  දරුවන්ට සහ ප්‍රජාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියා කරනවා. එක්ව  වැඩ කිරීමෙන් සහ මෙම සිසුන්ගේ අවශ්‍යතා  සඳහා ආයෝජනය කරමින්, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමටත්,ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමටත්  අපි  ඔවුන්ව  සවිබල ගන්වමු.”

සේව් ද චිල්ඩ්රන් (Save  The  Children ) විසින් ක්‍රියාත්මක කරන ලද එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙහි  (USDA) අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා වන ආහාර වැඩසටහන (PALAMA II ව්‍යාපෘතිය),පාසල් දරුවන්ගේ  ක්ෂණික කුසගින්න අවම කිරීම සහ අවදානමට ලක්විය හැකි නාගරික ප්‍රදේශවල අධ්‍යාපන ප්‍රතිඵල වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම ප්‍රයත්නය, දිනපතා පාසල් ආහාර සැපයීම, ගුරුවරුන් පුහුණු කිරීම, සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රාදේශීය ප්‍රජාවන්ට සිය දරුවන්  පාසල් වලට ඇතුළත් කිරීම සහ අධ්‍යයන කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා සහාය වේ.

මෙම වැඩසටහන පසුගිය වසර හය තුළ ශ්‍රී ලංකාව පුරා වෙනත් පළාත් හතක ක්‍රියාත්මක වූ අතර, කොළඹට ව්‍යාප්ත කිරීම අළුතින් සිදු විය. පාසැල් හැර යාමේ ඉහළ අනුපාතයක්  පවතින නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙය නිර්මාණය කර ඇත. PALAM/A II වැඩසටහන ජාතික පාසල් ආහාර වැඩසටහනට අතිරේකව කොළඹ පුරා පිහිටි පාසල් 44ක ප්‍රාථමික අංශවල සිසුන් 16,231 දෙනෙකුට දෛනික ආහාර සැපයීමෙන්, මෙම දරුවන්ට ඉගෙනීමට සහ දියුණු වීමට අවශ්‍ය පෝෂණය සහතික කරනු ලබයි.

2018 වසරේ සිට එක්සත් ජනපදය මැක් ගවර්න් ඩෝල් McGovern-Dole වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ළමා සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 60 ක දායකත්වයක් ලබා දී ඇත. බදුල්ල, කොළඹ, කිලිනොච්චිය, මොණරාගල, මුලතිව්, නුවරඑළිය, රත්නපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක අටට එක්සත් ජනපදයෙන් පරිත්‍යාග කරන ලද භාණ්ඩ මෙට්‍රික් ටොන් 10,260 (MT) ට වැඩි ප්‍රමාණයක් සහ දේශීයව නිෂ්පාදනය කරන ලද සහල් සහ ටින් මාළු මෙට්‍රික් ටොන් 1,820ක් බෙදා හැරීම මෙම ආධාරයට ඇතුළත් වේ.2024 ඔක්තෝම්බර් සහ 2028 අතර කාල සීමාව තුලදී , PALAM/A II වැඩසටහන  වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින්, ශ්‍රීලංකාව පුරා ප්‍රාථමික පාසල් 917 ක පාසල් වයසේ ළමුන් 199,136 ක් සහ ශ්‍රී ලංකාව පුරා මුල් ළමාවිය සංවර්ධන (ECD) මධ්‍යස්ථාන 500 ක ළමුන් 23,200 ක් වෙත ළඟා වනු ඇත.

පුවත්

දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දින නියම වේ.

Published

on

By

රන් ආලේපිත ගිනිඅවියක් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවය.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කර සිටියේ, ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේදී මෙම විමර්ශන ගොනු මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අධීක්ෂණයට භාජනය වී තිබෙන බව පෙනී යන බවය.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු විසින් පොලීසියට ලබාදුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවීමටද නියම වුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාරදෙයි

Published

on

By

2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය විනිසුරුවරයා විමසා සිටියේය.

එම අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, විත්තිකරුවන් සුදුසු ඇපකරුවන් මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවය.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියම කළේය.

එම අවස්ථාවේදී  විත්තිකාර ජයන්ත එදිරිසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරදක්වමින් මෙම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.

එහිදී විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් අනතුරුව එම මූලික විරෝධතා මතු කරන ලෙසය.

ඊන අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවීමට ද නියම වුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සංඛ්‍යාව  05කි.

සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර තිබේ.

Continue Reading

පුවත්

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

Published

on

By

ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පත් කර තිබේ.

මීට පෙර එම ධුරයේ කටයුතු කලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාය.

ඒ මහතා පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved