Connect with us

පුවත්

“තාම බිත්තර දාන්නේ රනිල්ගේ කිකිළියෝ”

Published

on

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී මාසයකින් බිත්තර නිෂ්පාදනය හෝ පොල් අස්වනු ක්ෂණිකව ඉහළ නැංවීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“අනුර කුමාර සහෝදරයාට දැන් අභියෝගය මොකක්ද, බිත්තර මිල අඩු කරන්න ලු. දැන් පත්වෙලා මාසයයි දවස් පහයි. කිකිළියෙක් සාමාන්‍යයෙන් පැටියෙක් දාලා, ලොකු මහත්වෙලා, බිත්තර දාන්න කොච්චර කල් යනවද ? මාස හතර හමාරක් පහක් යනවා. මේ දැනටත් බිත්තර දාන්නෙ රනිල්ගෙ කිකිළියෝ. ඔය සමහරු කෑගහන්නෙ ඔන්න අනුර ආවා, පොල් මොකද කියලා අහනවා, පොල් පේනවද කියලා අහනවා, තරු පේනවද කියලා අහනවා. ඔය තාම පේන්නෙ රනිල්ගෙ තරු. දැන් අනුර සහෝදරයා ආපු ගමන් මාසෙන් පොල් පැළයක් හිටවලා පොල් කඩන්න පුළුවන්ද ? ඒ හින්දා මේ අනුර සහෝදරයා ආවා කියලා මාසෙන් දෙකෙන් පොල් ගස්වල මල් පීදිලා පොල්ගෙඩි හැදෙන්නෙ නෑ”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ ( 30) මහියංගණය ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

පුවත්

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරියක් පොලිස් භාරයට

Published

on

By

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදි එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ් බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අධිබලැති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවය.

පොලිස් භාරයට ගත් මෙම වෙඩි බෙහෙත් තොගයේ බර ග්‍රෑම් 156.07ක් වන බව පැවසූ පොලීසිය පැවසුවේ අදාළ වෙඩි බෙහෙත් තොගය ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගත් බවය.

මෙම වෙඩි බෙහෙත් තොගය අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන බවත් මෙම වෙඩි බෙහෙත් ප්‍රවාහනයද සපුරා තහනම් වන බවද පොලීසිය පැවසීය.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුපුරණ ද්‍රව්‍ය කන්තලේ ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කළ බවය.

ඒ අනුව වෙඩි බෙහෙත් තොගය එම ප්‍රදේශයට රැගෙන යන්නේ කුමක් සඳහාද යන්න හබරණ පොලීසිය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

සැකකරු සහ එම ලොරි රථය අද දින බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

Continue Reading

පුවත්

හිරුණිකාගේ  නඩුව කල්යයි

Published

on

By

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවන ලදී.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය.

ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් දුන්නාය.

2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන්ට විරුද්ධව මෙම පැමිණිල්ල පොලිසිය විසින් ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දින නියම වේ.

Published

on

By

රන් ආලේපිත ගිනිඅවියක් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවය.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කර සිටියේ, ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේදී මෙම විමර්ශන ගොනු මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අධීක්ෂණයට භාජනය වී තිබෙන බව පෙනී යන බවය.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු විසින් පොලීසියට ලබාදුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවීමටද නියම වුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved