Connect with us

පුවත්

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද?

Published

on

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහනුවරදී ඊයේ (31) පැවති ගෑස් සිලින්ඩරයෙන් තරඟ කරන නව ප්‍රාජාතන්ත්‍රවාදි පෙරමුණේ පාක්ෂික හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කලේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බවය.

කුණු ඇඳුම් විසිකර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගන්නැයි ජනාධිපතිවරයා රටේ මාධ්‍යයට පවසා තිබෙන නමුත් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට තේරෙන දේ වත් රටේ ජනාධිපති, අගමැති, ඇමති තුන් කට්ටුවට නොවැටහෙන බව හිටපු ජනාධිපතිවරයේ මෙහිදී පවසා තිබේ.

උදය සෙනෙවිරත්න වාර්තාව, බොරු වාර්තාවක් බවට අගමැතිනිය ප්‍රකාශයක් සිදු කර ඇති අතර  අගමැතිවරයෙක් බොරු ප්‍රකාශ සිදු කළ හොත් එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සම්ප්‍රදායක් ඇති බව හරිනි අමරසූරිය මහත්මිය දැනගත යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කලේය.

“පාර්ලිමේන්තුවේ ඡන්ද තියෙන්නේ මහජන නියෝජිතයින් තෝරන්න  , කවුද ඒක තෝරන්නෙ ඔබ , මෙතන ඇවිල්ල තර්ජනය කරනවා පාර්ලිමේන්තුව සුද්ද කරනවලු, ඔයා සුද්ධ කරන්න අබාන්ස් එකේද, ඒක ජනතාවගේ වැඩක්”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved