Connect with us

පුවත්

කණෙන් රිංගා සල්ලි අච්චු ගැසීමසල්ලි අච්චු ගහල ද? නැද්ද? සතියේ ප්‍රශ්නය යි

Published

on

පාර්ලිමේන්තුවේ ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිකර ගත්, 2022 වසරේ මන්ත්‍රීවරිය සම්මානය ද ලැබූ මාතලේ රෝහිණී කවිරත්න ඔක්තෝබර් 28 දින නිවේදනයක් මගින් සල්ලි අච්චු ගැසීම ගැන බෝම්බය පත්තු කළාය.  

පැය කිහිපයක් පියාපත් ලැබූ එය ප්‍රවෘත්තියට, පසුදා කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යතුමා විජිත හේරත් උත්තර දුන්නේය. මහ බැංකුව නිශ්චිත ඉලක්කම් රහිතව ද්‍රවශීලතාව ගැන සඳහන් කර සංකල්පීය පැහැදිලි කිරීමක් සිදු කළේය.

මාලිමාවේ ආර්ථික කමිටු සමාජික රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි සහ මහාචාර්ය වසන්ත අතුකෝරල ද, දක්ෂණ කඳවුරේ මහාචාර්ය අමින්ද මෙත්සිල ද මහ බැංකුව සිදු කර ඇත්තේ වක්‍ර මුදල් අච්චු ගැසීමක් බව කීවේය.

සැබවින්ම සිදුවෙමින් ඇත්තේ කුමක් ද?
පසුගි රජයේ අවසන් මාස දෙකේ ‘උද්ධමනකාරී විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් පරතරය‘ (inflationary open market operations) රු. බිලියන 100 – 120 ක් විය. 2024 ඔක්තෝබර් 31දිනට රු. බිලියන 200 ඉක්වවීය. ප්‍රශ්න ඇත්තේ එතැනය.  

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයකි. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත හේතුවෙන් අයවැය මූල්‍යනය සඳහා රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමට තුළින් අතිවන මුදල් අච්චු ගැසීම සිදු කළ නොහැකිය.  ජනාධිපතිවරණය දින, ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශ්‍රී ලංකා රජයේ ආරක්ෂ බැඳුම්කර වල මුහුණත අගය (CBSL Holdings of Gov. securities Face Value) රු. බිලියන 2,515.62 කි.   එය මේ දක්වා අඩු – වැඩි වී නැත. සල්ලි අච්චු ගසා නැතැයි කියන්නේ එම අර්ථයෙනි. වෙනදා මෙන් මුදල් අමාත්‍යාංශය ලේකම්ට මුදල් ඉල්ලන ලිපිය ලියා, මහ බැංකු අධිපති, සමඟ එදිනම ‘මුදල් මණ්ඩලයේ‘ වාඩි වී දැන් සල්ලි අච්චු ගැසිය නොහැකි නිසා මේ කතාව ඇත්තය.

නමුත්, මහ බැංකුව සල්ලි අච්චු ගහන එකම ක්‍රමය එය නොවේ. තවත්, නිත්‍යානුකුල එනම්, මහ බැංකු පනතේ මුදල් සම්පාදනය සම්බන්ධයෙන් වන තහනමට පරිබාහිර රජයට ණය දිය හැකිය. සත්‍යවශයෙන් මහ බැංකුම මේ කරන්නේ එයයි.

කැබිනට් ප්‍රකාශක විජිත හේරත්, රෝහිනී කවිරත්න ගේ නම හෝ එහි කරුණු පැහැදිලි නොකරමින් බියගම මුද්‍රණාලයේ සිදුවන මුදල් ඇමති අත්සන සහිත නෝට්ටුව ගැන ප්‍රකාශයක් කළේය. එය කිසිවෙකුත් පිළිගත්තේ දැයි සැක සහිතය.

මහ බැංකුව විසින් ඉතා පරිස්සම් සහගත ලෙස, වචන හසුරුවමින් තමන් කළ දේ, යාන්ත්‍රණය හා අවශ්‍යතාව පැහැදිලි කරනු ලැබීය.  එහි ඉතා පැහැදිලිව කියවෙන යටිපෙල අරුත නම් ‘අපි විද්‍යාත්මක ලෙසත්, විධිමත් ලෙසත් එය සිදු කරනවා‘ යන්න මිස ප්‍රමුඛ තර්කය බිඳ දැමීම හෝ සැබෑ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම නොවේ. පොලී අනුපාතය රොකට් වේගයෙන් ඉහළ යාම පාලනය එමගින් සිදුවිය හැකි බවද කියවුණි.

එක රැයක්, දවසක් දෙකක් තුල පොලී අනුපාත ඉහළ යන්නේ කෙසේ දැයි මහ බැංකුවේ වෘත්තිකයෝ දැන් පැහැදිලි කළ යුතුව ඇත. මහ බැංකුව ණය ලබා දීමේ සාමාන්‍ය පොලී අනුපාතයට වඩා අඩු පොලියකට, සල්ලි පොම්ප කරන්නේ ඇයි? දැයි ජනමාධ්‍ය මහ බැංකුවෙන් ඇසිය යුතුව ඇත.

සරළවම, මහ බැංකුව අඩු පොලියට අති විශාල මුදලක් පද්ධතියට පොම්පකර ඇත.

මුදල් මණ්ඩලය මෙම තීරණය ගැනීමේ දී, අවසාන ඉලක්කය කර ගත්තේ කුමක්දැයි රටට පැහැදිලි කළ යුතුය.

ගෝඨාභය – ලක්ෂ්මන් – කබ්රාල් යුගය
ගෝඨාභය ලංකාව හැර දමා පලා යන 2022 ජූලි මාසයේ දී, CBSL Holdings of  Gov Securities (Face Value)  (Rs. bn) 2,111.44 ක් විය. මෛත්‍රීපාල – රනිල් විසින් ගෝඨාභයට 2019 දී රට බාර දෙන විට එය රු. බිලියන 74.74 ක් විය.  ගෝඨාභය රු. බිලියන 2,036.7 ක් අච්චු ගැසුවේය.  මේ අපරාධය සිදු කරන විට මම සතිපතා රටේ ආර්ථිකයට ඇති විය හැකි ව්‍යසනය මාධ්‍ය මගින් අනාවරණය කළෙමි. අවසානයේ අජිත් කබ්රාල්ට, බැසිල් රාජපක්ෂ ඇතුළු ආර්ථික ඝාතකයින්ට නඩු පැවරිමි. රට බංකොළොත් විය.

ගෝඨාභය පාලන සමයේ එනම්, 2022 වසරේ දී රටේ ආර්ථිකයට නිකුත් කර තිබූ රුපියල් ප්‍රමාණය බිලියන 341 කි.   2024 ඔක්. 11 දින වන විට නිකුත් කර තිබූ මුදල් ප්‍රමාණය රු. බිලියන 175 කි.

පසුගිය මාසයේ ණය ගන්නා වේගයත්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ‘රෝල් ඕවර්‘ කරන වේගයත් ජනතාවට පෙනේ. දැනේ. සවිඥානික ජනතාවගේ මේ බිය සහ සැකය එහි ප්‍රතිඑලයකි. ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් – කබ්රාල් විසින් ආර්ථිකය අවුලට හෙළු අවධියේ දී සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණ සියල්ලම ‘සාමාන්‍ය‘ යැයි හැගෙන තත්වයක් මතු විය. කබ්රාල් රට බංකොලොත් වන්නට මාස පහකට පෙර කියූ දේ තර්ක අමතක නැත. කබ්රාල් කියූ කතා තරම් බරපතල විහිළු තවම නම් මාලිමාවේ අපේක්ෂකයෙකු හෝ කර නැත. ආර්ථික ඝාතකයා යැයි විරුදාවලිය ලත් පී.බී.ජයසුන්දර අවසානයේ රාජ්‍ය සේවක වැටුප් කපන්නට යෝජනා කළ හැටි මතකය.  සර්ව පාක්ෂික සමුළුවේ දී, බැසිල් රාජපක්ෂ – රනිල් වික්‍රමසිංහ අතර IMF  ගැන සිදු වූ වචන හුවමාරුව ද අපට මතකය.

ගෝඨාභය රට බාරගත් දා සිට, පලා යන දින තෙක් රු. බිලියන 2,111.44 ක් අච්චු ගැසූවේය. රනිල් ගේ පාලනයේ අවසාන මාස 8 තුල අච්චු ගැසූ රු.බි. 228 ක් නැවත අවශෝධනය විය. (රු. බිලියන 2,743.62 සිට බි. 2,515.62 ක් දක්වා අඩුවිය) රනිල් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අච්චු ගැසූ ශුද්ධ මුදල් ප්‍රමාණය රු. බි. 148.64 කි.

මාසයක් තුල රු.බි. 80 – 100 ක් පොම්ප කළ (අච්චු ගැසූ විට) විට බියක් දැනේන්නේ ඒ නිසාය.  

2023 න් පසුව මහ බැංකුව සල්ලි අච්චු නවතා පද්ධතියේ වැඩි මුදල් ආපසු කැඳවීම, විදේශ සංචිත වර්ධනය කර ගැනීම, පොලී අනුපාත පාලනය, උද්ධමන පාලනය ගැන මහ බැංකුවට ප්‍රශංසා කර ඇත්තෙමි. පසුගිය සති හතර තුල බොහෝ දේ ආපසු හැරවෙමින් ඇති සෙයකි.  
රනිල් ගේ ආණ්ඩුව බිංදුවට බැස්සවූ උද්ධමනය, නැවත 5% සීමාවට ගෙන ඒමට නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හේතු වන බව මතුපිටින් පෙනෙන තත්වයයි. කුමන අර්ථයෙන් ගත්ත ද, මහ බැංකුව විසින් මේ කරන්නේ,  සල්ලි පොම්ප කිරීම තුලින් භාණ්ඩ හා සේවා මිල ඉහළ නැංවීමය.  රාජ්‍ය මුල්‍ය කළමනාකරණයට එය අත්‍යවශ්‍ය බව සත්‍යයකි.  

2024 ජනවාරි මස රු. 100,000 කින් කළ දේ, අද රු. 95,000 කළ හැකි යැයි මහ බැංකු උද්ධමන වාර්තාව කියයි. ප්‍රශ්න ඇත්තේ තව මාස තුනකින් ජනවාරි (බෝතල් පත්තර) මාසයේ දී අද, රු. 95,000 කින් කරන දේ කරන්නට සල්ලි කොච්චර අවශ්‍ය වනු ඇති ද? යන්නය.

රජිත් කීර්ති තෙන්නකෝන්

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved