Connect with us

පුවත්

ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ්; ලොහාන්ගේ ලේකම්ගේ නම ඒකටත් ගෑවෙයි

Published

on

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයෙකු විසින් භාරදුන් ලියාපදිංචි නොකරන ලද එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් සන්තකයේ තබාගත්තැයි චෝදනාව මත තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මහනුවර ගාල්තැන්න ප්‍රසිද්ධ කපුතැන වන ගාමිණී ආනන්ද නැමැත්තා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරලියද්ද මහත්මිය නියෝග කළාය.

වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෙම ජීප් රථය සති කිහිපකට පෙර අදාළ ස්ථානයට ගෙනැවිත් දැමූ බව දේවාගැතිවරයාගේ පුත්‍රයකු පවසා තිබූ අතර පොලිසිය නොමඟ යැවීමේ අරමුණින් ඔහු එසේ ප්‍රකාශ කර තිබෙන බව පසුව අනාවරණය විය.

මහනුවර පිලපල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක අංකය භාවිත කරමින් මෙම ජීප් රථය සැකකරු ඇතුළු පවුලේ උදවිය ධාවනය කර තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බව පොලිසිය පවසයි.

මෙම දේවගැතිවරයා රන් කිලෝ හතරක පහක පමණ ප්‍රමාණයක් පැලඳ ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරන අතර පසුගිය කාලයේ දී ගාල්තැන්නේ පිහිටි ඔහුගේ දේවාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට මධ්‍යම පළාතේ හිටපු ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබිණි.

මෙම දේවගැතිවරයා සතුව ඩිෆෙන්ඩර් ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් තිබෙන බවත් කොටස් එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ඒ අතර තිබෙන බවට ලද තොරතුරු මත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බව තෙල්දෙණිය මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved