Connect with us

පුවත්

පුත්තලමේ අලි කලබලයක්

Published

on

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (03) පුත්තලමේ දී පැවැත්විණි.

ඒ අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අංජන සදරුවන් මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කළමනාකරු ලෙස කටයුතු කරන නිමල් වර්ණකුලසුරිය මහතා අතර ගැටුමක් ඇතිව තිබේ.

අංජන සදරුවන් මහතා විසින් නිමල් වර්ණකුලසුරිය මහතාට දෝෂාරෝපණය කර පහර දීමට උත්සාහ කළ අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවු බවට වාර්තා වේ.

අංජන සදරුවන් මහතා මුලාසනයේ සිටියදී දිස්ත්‍රික් කළමනාකරුගේ පිළිගැනීමේ කතාවේ දී ඔහුගේ නම සඳහන් නොකිරීම මෙම ගැටුමට හේතුව වී තිබුණි.

අංජන සදරුවන් මහතා චෝදනා කරමින් සඳහන් කළේ තමන් වසර 20කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප වී නොයෙකුත් හිංසනයන්ට ලක්වූ අයෙකු බවත් දිස්ත්‍රික් කළමණාකරු එය නොදන්නා සේ කටයුතු කළ බවය.

මෙහිදී එල්ලවු විරෝධය හමුවේ නිමල් වර්ණකුලසුරිය මහතා එම ස්ථානයෙන් නෙරපා හරින ලදී.

මේ අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් කළ පැමිණිල්ලකට අනුව අවස්ථා දෙකකදී මේ රැස්වීමට හලාවත පොලිසියෙන් පැමිණ තිබූ අතර මෙම රැස්වීමේ දී ආහාර සහ මුදල් බෙදාදීමක් සිදුකෙරෙන බවට එම පැමිණිල්ලේ සඳහන්ව තිබු බවට වාර්තාවේ.

මෙම රැස්වීමේදී ආහාර සහ මුදල් බෙදා දීම සම්බන්ධයෙන් හලාවත පොලිසියට සහ පුත්තලම දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිලි කර තිබේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved