Connect with us

පුවත්

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනයට කෝටිපතියෙකුගේ බිරිඳ ඇතුළු 03ක් අත්අඩංගුවට

Published

on

කෑගල්ල – කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතන සිද්ධියට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් කණ්ඩායම් 4ක් සිදුකළ විමර්ශන වලට අනුව පිළියන්දල – බෝකුන්දර ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැගව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර කාන්තාව පිළියන්දල – තුන්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකි.

පසුගිය 27 වැනිදා සිදුවූ මෙම ඝාතන සිද්ධිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද විසින් මෙහෙයවා ඇති අතර, ඇය විසින් අපරාධ කල්ලි සාමාජිකයන් තුන්දෙනෙකු ලවා එය සිදුකර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අදාළ සාමාජිකයින් බෝකුන්දර ප්‍රදේශයට කැදවා කුලියට ලබාගත් මෝටර් රථයක මොවුන්ව නංවාගෙන කෑගල්ල ප්‍රදේශයට ගොස් කෙම්පිටිය වලව්ව පෙන්වා පසුව මොවුන් රන්වල ප්‍රදේශයට පැමිණ නැවතත් ත්‍රීරෝද රථයකින් කෙම්පිටිය වලව්වට ගොස් එහි හාම්පුතුගේ අතපය බැද දමා මුඛය බැද ගෙල සිර කර ඝාතනය කර බිරිදට පහර දී මුදල් ඇත්දැයි සෝදිසි කර තිබේ.

එහිදී විශාල මුදලක් ඇති බව සිතා වලව්වට කොල්ලකෑමට ගියද එහි තිබී රුපියල් දස දහසක මුදලක් පමණක් හමුව ඇති අතර හාම්පුතුගේ අතෙහි තිබූ මුදුව ද රැගෙන, වලව්වේ තිබූ මෝටර් රථයෙන් සැකකරුවන් පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේය.

අනතුරුව සැකකාර කාන්තාව විසින් කොල්ලකෑ මුදුව විකුණා 1,65,000ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සැකකරුවන් ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පුවත්

ඉෂාක්ට ජනපති අරමුදලින් මිලියනයක්!

Published

on

By

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගොස් තිබිණි.

එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.

Continue Reading

පුවත්

එක් ධීවර මළ සිරුරක් හමු වෙයි

Published

on

By

තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ධීවරයින් 6 දෙනෙකු රැගත් “මැක්සිම් පුතා 1 “ නැමැති එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා ගොස් යලි ගොබිමට පැමිණෙමින් තිබියදී අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු සිට තිබු අතර ඉන් සිව්දෙනෙකු ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.

අනතුරෙන් අතුරුදන් වු අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

නොවුඩ් ජාතික ජන බලවේගයේ සභිකයන් 6 ක් ස්වාධීන වෙයි

Published

on

By

දමිළ ප්‍රගතිශීලි සභිකයන් 5 දෙනකුගේ සහයෝගයෙන් නෝවුර්ඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන ලෙස එම පක්‍ෂය දැනුම්දීමට විරෝධය දක්වමින් එම සභාවේ ජාතික ජන බලවේගයේ එම පක්‍ෂයේ සභිකයන් 6 දෙනාම ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ පක්ෂයේ නුවරඑළියේ ප්‍රධානියකුගේ තර්ජන සහ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සභිකයෝ පැවසූහ.

සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම පක්ෂයේ අනෙකුත් සභිකයන්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත් එම සභාවේ සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන සභිකයාට සහ උප සභාපතිධූරය තම පක්ෂයට ගැනිමට එකගතාවය පළකළ සිටියදි විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපතිධූරය ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවත් ඔවුහු කියති.

එම සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත්කර ගැනිමට පැවති විවෘත ඡන්දයේදි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපති ධූරය සදහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට ඡන්ද 07ක් ලැබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved