Connect with us

පුවත්

වැසිකිලි උතුරා මහනුවර කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රය අපවිත්‍ර වේ

Published

on



මහනුවර නගර මධ්‍යයේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රය තුළට මළ අපජලය ගලා විත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් මතුව ඇති බවට පුවතක් වාර්තා වේ.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් විධිමත් ලෙස නඩත්තු නොකළ වැසිකිලි ගලිවල වල් උතුරා ගොස් අධික දුර්ගන්ධය හමන අතර කම්කරු දෙපාර්තමේන්තුව වෙත සිය සේවා අවශ්‍යතාවයන් සඳහා පැමිණෙන ජනතාව මෙන්ම එහි සේවය කරන රාජ්‍ය සේවකයින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

ජනතාව පෙන්වා දෙන්නේ කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මළ අප ජලය ගලා ඒම හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තු සේවකයින්ගේ පමණක් නොව ඒ අසල පිහිටි රාජ්‍ය ආයතන වල සේවකයින් මෙන්ම මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ දහස් ගණනක් වන සිසුන්ගේ හා ගුරු මණ්ඩලය පවා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතු වී ඇති බැවින් වහාම මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බවය.

මෙම සෞඛ්‍ය ගැටලුවට තමන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙන බව මේ පිළිබඳව අදහස් දැක්වූ මහනුවර කම්කරු දෙපාර්තමේන්තු සේවකයින් පවසා තිබේ.

ඔවුන් පවසා ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ රථ ගාල හා රියදුරන්ගේ විවේකාගාර ගලිවලවල් වලට ඉහළින් පිහිටා තිබීමත් එමගලි වලවල් නිසි ලෙස නඩත්තු නොකිරීමත් නිසා තමන් මෙම පීඩාවට පත්ව සිටින බවය.

මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරීන් දැනුම්වත් කළද මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද එම සේවකයින් පෙන්වා දෙයි

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved