Connect with us

පුවත්

විදේශ සේවයෙන් පිරිසක් නැවත කැඳවයි

Published

on

විදේශ සේවය සඳහා දේශපාලන පදනම මත පත්කර ඇති නිලධාරීන් ට දෙසැම්බර් 01 වනදා වනවිට නැවත දිවයිනට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු පවසා සිටියේ එලෙස පත්වී සිටි 15 දෙනෙකු නැවත කැඳවා ඇති බවය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (06) පැවති මාධ්‍ය හමුව අමතමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කලේය.

තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ දරුවන් සහ බිරින්ඳෑවරු ද පත්කර තිබූ බවත් එම පත් කිරීම් සිදු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බවත් විජිත හේරත් මහතා මෙහිදී පවසා සිටියේය.

ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ ඉදිරියේදී එවැනි පත්කිරීම් සිදු නොවන බවය.

“විදේශ තානාපතිවරු විදියටත් මහ කොමසාරිස්වරු විදියටත් විදෙස් සේවයට අයත් නොවන අය පත්කරලා තිබුණා. ඉන් 15 දෙනෙක් අපි නැවත කැඳවීමක් කළා. ඉතින් ඇත්තටම දේශපාලන පත්වීම් කියන එක සියලුදෙනාටම අදාළ නැහැ. සමහර අය මීට කලින් හමුදාවේ සහ වෙනත් වගකීම් දරපු අය එවැනි අයත් පත්කරලා තිබුණා. ඒ අතරතුරේ සෘජුවම දේශපාලන අයත් පත්කරලා තිබුණා. ඒ වගේම තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා සෘජුවම මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ පුතාලා, දුවලා, බිරින්ඳෑවරු පත්කරලා තිබුණේ. ඒ අයත් අපි නැවත කැඳවලා තියෙනවා.

ඒ පත්කිරීම් කරලා තියෙන විදිය සම්පූරණයෙන් වැරදී. ඉස්සරහාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. විදේශ සේවයේ නියුතු අයත් විශේෂ අවශ්‍යතා මත විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයින් පත්කිරීමත් කළ යුතුව තියෙනවා. මුළුමනින්ම විදේශ සේවයේ පත්කරනවා කියලා එහෙම එකක් කරන්න තත්ත්වයක් නැහැ. සමහර ස්ථානවලට නව රජයේ ආර්ථික, ජාත්‍යන්තර වුවමනාවන් එක්ක සමහර අය පත්කරන්න වෙනවා. අපි එහෙම පත්කරනවා. දැනට පත්කිරීම් කරලා තිබුණු සියලුදෙනාම දෙසැම්බර් 01 වැනිදා වෙනකොට ලංකාවට එන්න කියලා අපි දැනුම්දීලා තියෙනවා.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved