Connect with us

ක්‍රීඩා

මැතිව්ස් ලොකු ගාණකට විකිණෙයි 

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරයේදී ඉහළම මිලක් හිමිවී ඇත.

එළඹෙන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් ලැයිස්තුගත කිරීම මේ වන විට අවසන් වී ඇති අතර  මැතිව්ස් එහිදී ලැයිස්තුගතවී  ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 2 (රු. කෝටි 9)ක ඉහළම මූලික ලංසුවකටයි. 

මෙම මුදලකට ලැයිස්තුගතවූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද මැතිව්ස් පමණි.

මීට අමතරව ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය රුපියල් කෝටියක (රු. ‌කෝටි හතරහමාරක්) ලංසුවක් සඳහා ලැයිස්තුගත වී ඇත.

කෙසේ වෙතත් මැතිව්ස් හා කුසල් දෙදෙනාව වසරකටත් අධික කාළයක සිට සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර නොතිබීම විශේෂත්වයකි

එළඹෙන අයි.පී.ඒල්. තරගාවලිය සඳහා ක්‍රීඩකයින් ලංසු තැබීම එළඹෙන දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කෝචි හිදී පැවැත්වීමට නියමිතය‍.

මෙවර තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින් 714 ක් හා විදෙස් ක්‍රීඩකයින් 277 (සමස්ථ ක්‍රීඩකයින් 991ක්) ලැයිස්තුගතවී ඇති අතර ඒයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 27 දෙනෙකු ඇතුලත්වී තිබීම විශේෂත්වයකි. 

විදෙස් ක්‍රීඩකයින් අතරින් වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණය ඔස්ට්‍රේලියාවට හිමිවී ඇති අතර ඒය 57 කි. 

ඊට අමතරව දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 52 ක්ද ලැයිස්තුවට ඇතුලත්ව ඇත. 

මේ අතරින් ක්‍රීඩකයින් 21 දෙනෙකු තරගාවලියේ උපරිම ලංසුව හෙවත් කෝටි දෙකකට ලැයිස්තුගත වී ඇත.

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට

Published

on

By

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟය.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර,

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 45ක් ලබා ගැනීමට සමත්වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණි.

ඒත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමිවිය.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් දවා ගත්තාය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් හා නදීෂා තවත් පදක්කම් 2ක් ලංකාවට එකතු කරයි

Published

on

By

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන “UAE Athletics Grand prix  2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.

යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මිටර් 100 තරගය තප්පර 10.18 (+1.2) කින් අවසන් කිරීමට හැකිවීම ගැන තමන් මහත්සේ සතුටට පත්වන බවය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවය. 

මේ අතර, එම තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්ව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved