Connect with us

පුවත්

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 11ක් අත්අඩංගුවට

Published

on

මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසා ඇත්තේ අත්පත්ත්‍රිකා බෙදාහැරීම,පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය,සැකකරුවන් මුදා ගැනිමට පොලිස්ථාන තුළ කළහකාරි ලෙස හැසිරිම යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

තවද, මැතිවරණ නීතී කඩ කිරිම සම්බන්ධයෙන් ආධාරකරුවන් 353 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වනු ඇත.

මේ අතර, 2024 මහමැතිවරණ වෙනුවෙන් සියලුම ඡන්දදායකයින් ට සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඉල්ලීමක් කරයි.

ඔහු පැවසුවේ ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දෙන අයිතියක් බැවින් සිය ඡන්දය භාවිත කරන ලෙසය.

පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

Published

on

By

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේ  ඊයේ රාත්‍රි 10.30 ට පමණ සිදු කළ වෙඩි තැබිමකින් ආමි උපුල් නැමති සංවිධානාත්මක අපරාධකරු මියගොස් තිබේ.

ඔහු නිවස අසළ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මේ වෙඩි තැබීම පිස්තෝලයකින් සිදු කර තිබේ.

45 හැවිරිදි ආමි උපුල් නැමැත්තා ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකි.

ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු බවද පොලිසිය පැවසුවේ ය.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි 

Published

on

By

අද (04) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දෙනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසම අල්ලන්න එනවයි කියා සූරියා කලින් ඇප ඉල්ලයි

Published

on

By

අල්ලස් කොමිසමේ නිලධාරීන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින්, එය වළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරයෙකු වන සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ගොනු කර තිබේ.

ලබන 8 වැනිදාට එය සළකා බැලීමට දින නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, එදිනට සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මියට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද නියෝග කළේ ය.

මේ අතර, රේගුවේ නිෂ්කාශනය නොවූ මුල් ලියාපදිංචියක් නොමැති ටොයෝටා වර්ගයේ මෝටර් රථයකට, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ආදායම් බලපත්‍රයක් ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (03) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව, අල්ලස් කොමිසමේ නිලධාරී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

ඔවුන් පැවසුවේ, සැකකරුවන් ජාලගතව එම නීතිවිරෝධී ක්‍රියාව සිදු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තුන්දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved